ඇමෙරිකාව ෆයිසර් එන්නත් මිලියන 500 ක් පරිත්‍යාග කිරීමට සැරසේ

Wednesday, 22 September 2021 - 14:53

%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1+500+%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%9A
ලොව පුරා රටවල් වෙත තවත් ෆයිසර් කොරෝනා එන්නත් මාත්‍රා මිලියන 500ක් නොමිලේ බෙදාහැරීමට ඇමෙරිකා එක්සත් ජනපදය තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

ඒ අනුව අමෙරිකාව විසින් ලොව සමඟ බෙදා ගන්නා එන්නත් මාත්‍රා සංඛ්‍යාව බිලියනය දක්වා ඉහළ යනු ඇති.

ඇමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් වීඩියෝ තාක්ෂණය ඔස්සේ අද පවත්වන සමුළුවක දී මේ බව නිල වශයෙන් ප්‍රකාශයට පත්කරනු ඇතැ යි අපේක්ෂිත යි.

ලබන වසර අවසන් වීමට පෙර ලෝක ජනගහනයෙන් 70%ක් කොරෝනා එන්නත්කරණයට ලක් කිරීම මෙහි අරමුණයි.