අලි පනත ගෙනාවේ හොර අලි නීති ගත කරන්නයි - පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන්

Wednesday, 22 September 2021 - 18:21

%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B4%E0%B6%B1%E0%B6%AD+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%85%E0%B6%BD%E0%B7%92+%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BA%E0%B7%92+-+%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%BD%E0%B7%92%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94+%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B7%92%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B7%83%E0%B7%8A+%E0%B6%B1%E0%B7%99%E0%B6%BD%E0%B7%8A%E0%B7%83%E0%B6%B1%E0%B7%8A
කොළඹ  විපක්ෂ නායක කාර්යාලයේ දී අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකද දී පොලොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කිංග්ස් නෙල්සන් අලි ඇතුන් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම සඳහා පසුගියදා නිකුත් කළ ගැසට් නිවේදනය සහ ඊට අදාලව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත සම්බන්ධයෙන් අදහස් දැක්වූවා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයා කියා සිටියේ මේ ආණ්ඩුව කෙටි කාලයක් තුල විවිධ පනත් පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අතර අද දිනයෙත් එවැනි පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.

එය තුරු හා වෘක්ෂ ලතා පනතේ වගන්ති උල්ලංඝනය කිරීමක් බවත් එම පනතට අනුව වන අලින් යනු පොදු දේපලක් බවත් ඒ අනුව බලපත්‍ර නොමැති අලියෙකු හෝ ඇතකු ළඟ තබා තබා ගැනීම නීත්‍යානුකූල නොවන බවත් එම පනතේ සඳහන්ව ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කලා.

රටතුළ අලි පොතක් තිබෙනවා, එම පොතේ නීත්‍යානුකූල අලි ගැන සදහන් වෙනවා, එය විහාරස්ථාන තුල හා හාම්පුතුන් ලග සිටින අලි ගැන සටහන් වෙනවා.

එවැනි පොත් 7ක් වනජීවි දෙපාර්තමේන්තුව සතුව තිබුණා එයින් එක පොතක් අතුරුදන් වෙනවා අදටත් එය හොයාගන්න බැරි වෙලා එය සොයන්නේ නැතුව 1992 හා 1994 කාලයේ මේ ර⁣ටේ කිසිම හාම්පුතුන් ළඟ ඉන්න අලියෙක්ටවත් කිසිම විහාරස්ථානයක අලියෙක්ට වත් පැටවෙක් ලැබුණේ නැහැ.

වනජීවී අලි පොතේ සටහන් වෙනවා දෙන්නෙක් ළඟ සිටි ඇතින්නන්ට විතරක් පැටව් දෙන්නෙක් බිහි වුණා කියලා, ඒ කෑගල්ලේ සන්දිත් සමරසිංහ සතු ඇතින්නිටත් කොට්ටාවේ කමල් කිත්සිරි සතු ඇතින්නිටත් පමණයි පැටව් බිහි වෙලා තිබෙන්නේ.

ඒ ඇරුනම රටේ කිසිම තැනක හීලෑ අලින්ට පැටවෙක් බිහිවෙලා නැහැ.

2012 දී රජය විසින් පනතක් සම්මත කරගන්නවා රටේ ඉන්න හාම්පුතුන්ට, නැත්නම් විහාරස්ථානවල අලි පැටව් සිටිනවා නම් ඒ අලි පැටවු ලියා පදිංචි කිරීමට පහසුකම් සැපයෙන.

අංක 22 47/1 ගැසට් එකේ තියෙන ඉල්ලුම් පත්‍රයේ කිසිම තැනක නැහැ ලියාපදිංචි කරන අලියා කොහෙන්ද, කාගෙන්ද ලැබුණේ ගෙනාවේ කියලා.

මොන අම්මගෙන් ද බිහි වුණේ කිසිම දෙයක් නැහැ.

ගෙදර හුරතලේට ඇති කරන්න බලු පැටියෙක් ගන්නවා නම් ඔහුගේ පැටිකිරියත් හොයන රටක මේ ඉල්ලුම් පත්‍රයේ එවැනි දෙයක් නැහැ.

හීලෑ අලි ඇතුන් නිදහස් කිරීමේදී රජය කිව්වා ඔවුන්ට විශාල වියදමක් දරන්න සිදු වූ බව, නමුත් ඒක පිළිගන්න බැහැ, පින්නවල, උඩවලවේ අලි අනාථාගාරයක් තිබෙනවා මේවා රජය විසින් අපේ රටේ ඉදිකළේ අනාථ වූ අලි රඳවාගන්න.

පරාක්‍රම සමුද්‍රයේ ඇවිදින මංතීරුව ඉදිකිරීමේදී සංඝ භේදයක් ඇති වෙලා, ගොවි සංවිධාන අතර බේද ඇති වෙලා, මේවාට රොෂාන් රණසිංහ මන්ත්‍රීවරයා වගකිව යුතුයි.

මෙම ව්‍යාපෘතිය ආරම්භ කිරීමට පෙර ගොවිසංවිධාන මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කළේ නැහැ, නින්දෙන් ඇහැරුණා වගේ මේවා ක්‍රියාත්මක කරන්න ගියපු නිසා තමයි අද මේ තත්ත්වය ඇතිවුණේ.

පොලොන්නරුව සංවර්ධනය වෙනවට අපේ ගොවීන් මහා සංඝරත්නය විරුද්ධ නැහැ නමුත් ක්‍රමවේදයක් තිබිය යුතුයි.

මේ වන විට රල පනාවේ ගල් ඉවත් කරලා එහිදී වැව් බැම්මට ඉදිරියේදී හානි සිදුවිය හැකියි.

මෙම ඉදි කිරීම සිදුකරනවා නම් රලපනාව ශක්තිමත් කළ යුතුයි මෙම රලපනාව ට වසර හතළිස් දෙකක් වෙනවා එවැනි ඉතිහාසයක් තිබෙන රලපනාවක් තමයි විනාශ කරන්න හදන්නේ.

මෙහි ජනතාවට නාන්න රළපනාව තැනින් තැන කඩල පඩිපෙළවල් දැම්මා අද එක පඩිපෙළ වත් නැහැ එම පඩිපෙළ සියල්ල පහළට බැහැලා එයින් ඔප්පු වෙනවා වසර හතළිස් දෙකක් පැරණි ගල් ටික පහලට බැහැපු බව.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories