පොත් සාප්පු අරින්න පොලීසිය නිර්දේශ ඉල්ලයි (වීඩියෝ)

Wednesday, 22 September 2021 - 18:57

%E0%B6%B4%E0%B7%9C%E0%B6%AD%E0%B7%8A+%E0%B7%83%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%B4%E0%B7%94+%E0%B6%85%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+%E0%B6%B4%E0%B7%9C%E0%B6%BD%E0%B7%93%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B6%B1%E0%B7%92%E0%B6%BB%E0%B7%8A%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
නිරෝධායන ඇඳිරි නීති සමයේ වසා දමා ඇති පොත් අලෙවිසැල් සෞඛ්‍ය උපදෙස්වලට අනුගතව යළි විවෘත කිරීමට අවශ්‍ය නිර්දේශ ලබාදෙන ලෙසට පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කරමින් සඳහන් කර ඇත්තේ වසර එකහමාරක් රට වරින්වර වසා තැබීම හේතුවෙන් පොත් ප්‍රකාශන කර්මාන්තකරුවන් දැඩි අසීරුතාවයකට පත්ව ඇති බවයි.

එමෙන්ම, ඔන්ලයින් ක්‍රමය ඔස්සේ අධ්‍යාපනය ලබා ගැනීමේදී අවශ්‍ය පොත් මිලදී ගැනීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් දැඩි අපහසුතාවයකට පත්වී සිටින බව එම ලිපියේ සඳහන්.

ඒ අනුවයි පොත් අලෙවිසැල් විවෘත කර තැබීම සඳහා අවශ්‍ය නිර්දේශ ඉදිරිපත් කරන ලෙස පොලිස්පති සී.ඩී.වික්‍රමරත්න, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

මේ අතර, මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාවට ස්පුට්නික් වි දෙවැනි මාත්‍රාව ලබාදීම අද දෙවැනි දිනටත් සිදු වුණා. එම එන්නත්කරණ වැඩසටහන යටතේ වසය අවුරුදු 105ක, 94ක හා 92ක එකම පවුලක ඥාතී කාන්තාවන් තිදෙනෙකු පේරාදෙණිය මහානාම විදයාලයේදී එන්නත් ලබා ගත්තා.

මෙරට කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ වැඩිම ප්‍රමාණයක් ලබාදී ඇත්තේ සයිනොෆාම් එන්නත වන අතර එය සමස්ත ප්‍රමාණයෙන් සියයට 80 ක්.  ඊට අමතරව ඇස්ට්‍රාසෙනෙකා -  සියයට 10ක්, මොඩර්නා - සියයට 6 ක්, ෆයිසර් - සියයට 3 සහ ස්පුට්නික් වී - සියයට 1 ලෙස එන්නත් ලබා දී තිබෙනවා.

මේ අතර,  හදිසි අසනිප තත්ත්වයක් නිසා ජිවිතක්ෂයට පත් වු අම්බලන්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසුවියකට සිදු කළ කොරෝනා  පරික්ෂාවකින් ඇයට වෛරසය අසාදනය වි ඇති බව තහවුරු වි තිබෙනවා.

දාහතර හැවිරිදි මෙම දැරිය අද අළුයම නිවසේ සිටිය දි  ඇති වු හුස්ම ගැනිමේ අපහසුතාවයක් හේතුවෙන් බලපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා. එම අවස්ථාව වනවිටත්  ඇය ජිවිතක්ෂයට පත් ව සිටි බවයි රෝහල් ප්‍රකාශයෙකු කියා සිටියේ.

එමෙන්ම, රුපියල් 7,500 ක කොවිඩ් විශේෂ දීමනාව යළි ලබා ගැනීම ඇතුළු ඉල්ලිම් 05ක් මුල් කරගනිමින් එකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය සමිති එකමුතුව අද දිවයින පුරා රෝහල් ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් දියත් කළා.

එහි ප්‍රධාන විරෝධතාව පැවැත්වුණේ කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදීයි.

මේ අතර, ඊයේ සිදු වු කොරෝනා මරණ 92 ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද තහවුරු කළා. ඒ අනුව මෙරට මුළු කොරෝනා මරණබ සංඛ්‍යාව 12,376ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම අද දිනයේ මේ දක්වා කොවිඩ් ආසාදිතයින් 878 දෙනෙකු වාර්තා වී තිබෙනවා.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories