කොවිෂීල්ඩ් එන්නතට බ්‍රිතාන්‍යයේ අනුමැතිය

Thursday, 23 September 2021 - 7:43

%E0%B6%9A%E0%B7%9C%E0%B7%80%E0%B7%92%E0%B7%82%E0%B7%93%E0%B6%BD%E0%B7%8A%E0%B6%A9%E0%B7%8A+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B6%A7+%E0%B6%B6%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%BA
ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නතට බි්‍රතාන්‍යයේ අනුමැතිය හිමි ව තිබෙනවා.

කොවිෂීල්ඩ් එන්නත මෙතෙක් බ්‍රිතාන්‍යයේ සංචාරය සඳහා අනුමත එන්නතක් ලෙස නම් කර තිබුණේ නැහැ.

එය ඉන්දියාවේ දැඩි උදහසට ලක්වූයේ කොවිෂීල්ඩ් එන්නත එරට කොරෝනා එන්නත්කරණය සඳහා යොදා ගැනෙන ප්‍රධානතම එන්නත හේතුවෙන්.

මේ වනවිට ඉන්දියානුවන් මිලියන 721කට ලබා දී ඇත්තේ කොවිෂීල්ඩ් එන්නත යි.

බ්‍රිතාන්‍යය සිය රටට ඇතුළු කර ගන්නා පූර්ණ එන්නත්කරණය ලැබූ විදේශිකයින්ට කොවිෂීල්ඩ් එන්නත ලැබූවන් මුල්වරට ඇතුළත් කළේ නැහැ.

කෙසේ නමුත්, ඊයේ එම තීරණය වෙනස් කරමින් කොවිෂීල්ඩ් එන්නත බ්‍රිතාන්‍යයේ අනුමත කොරෝනා එන්නතක් ලෙස නම් කර තිබෙනවා.

ඊට අදාළ ව එරට සංචාරක මාර්ගෝපදේශ ද වෙනස් කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.