වායු දූෂණයේ අනතුරුදායක බව කලින් සිතූ අන්දමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතින බව ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළා.
එමෙන්ම, වායු දූෂණයේ උපරිම ආරක්ෂණ සීමාව ද පහත හෙලීමට එමඟින් පියවර ගෙන තිබෙනවා.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන පරිදි වසරක් පාසා ලෝකවාසීන් මිලියන 07ක් පමණ වායු දූෂණය හේතුවෙන් අකාලයේ මියයනවා.
එය දුම්පානය හෝ සෞඛ්‍ය ආරක්ෂිත නො වන ආහාර ගැනීමේ පුරුද්දට සමාන තත්ත්වයක් බවයි එමඟින් ප්‍රකාශ කළේ.
වායු දූෂණයෙන් වැඩි ම පීඩාවට ලක් ව ඇත්තේ, අඩු සහ මැදි ආදායම් ලබන රටවල්. ආර්ථික සංවර්ධනය උදෙසා පොසිල ඉන්ධන මත යැපීම ඊට ප්‍රධාන හේතුවක්.
මේ නිසා කාලගුණ වෙනසට ද හේතු වන වායුගෝලයට අහිතකර දෑ මුක්ත වීම පාලනය කිරීම සඳහා පියවර ගන්නැ යි ලෝක සෞඛ්‍ය සංවිධානය එහි සාමාජික රටවල් 194න් ඉල්ලීමක් කළා.
වායු දූෂණය නිසා සිදුවන මරණවලින් 80%කට ම හේතු වී ඇත්තේ, මයික්‍රෝන 2.5ට අඩු වායුගෝලයේ පවතින අපද්‍රව්‍ය අංශු බව සඳහන්.
නයිට්‍රජන් ඩයොක්සයිඩ්, සල්ෆර් ඩයොක්සයිඩ් සහ කාබන් මොනොක්සයිඩ් ද එම දූෂකවලට ඇතුළත්.

Follow US
Most Viewed Stories