නරේන්ද්‍ර මෝදි ඇමෙරිකාවට

Thursday, 23 September 2021 - 13:54

%E0%B6%B1%E0%B6%BB%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92+%E0%B6%87%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
තුන්දින නිල චාරිකාවක් සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් නුවරට අද පැමිණියා.

එහි දී ඔහු ජනපති ජෝ බයිඩ්න් සමග ද්වීපාර්ශවික සාකච්ඡාවට සහභාගි වන අතර, ඇමෙරිකාව මෙන්ම, ඕස්ටේ්‍රලියාව සහ ජපානයේ නායකයන් සමග සිව් පාර්ශවික සමුළුවකට ද එක්වීමට නියමිතයි.

වොෂින්ටනයේ දී බයිඩ්න් පරිපාලනයේ නියෝජිතයන් සහ එක්සත් ජනපදයේ ඉන්දීය තානාපති තරංජිත් සිං සන්ධු විසින් අගමැති මෝදි පිළිගත් අතර, ඔහු දැක ගැනීමට එරට සිටින ඉන්දියානුවන් විශාල පිරිසක් පෙළ ගැසී සිටියා.

ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ජගත් සංවිධාන 76 වන මහ සමුළුවට ද එක්වන අතර, හෙට දිනයේ එය ඇමතීමට නියමිත යි.

මෙය 2014 වසරේ බලයට පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ 7 වන ඇමෙරිකානු චාරිකාව යි.

අවසන් වරට 2019 වසරේ ඇමෙරිකාවේ සංචාරය කළ ඔහු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග හියුස්ටන්හි දී හවුඩි මෝඩි වැඩසටහනට ද එක්වුණා.