යාපනයේ නල්ලූර් කෝවිල් ඉදිරිපිටදී හිටපු එල්ටීටීඊ සාමාජිකයෙකු වන තිලීපන් සැමරීමට උත්සාහ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වරාසා කජේන්ද්‍රන් යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ නිරෝධායන නීති රීති කඩ කිරීමේ චෝදනා යටතේ යි.
මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීමේදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
රාසයියා පාර්තිපන් හෙවත් තිලීපන් එල් ටී ටී ඊ සංවිධානයේ යාපනය අර්ධද්වීපයේ දේශපාලන නායකයා ලෙස කටයුතු කළ අතර එල්ටීටීඊ සංවිධානය 1987 දී ඉන්දීය මහා කොමසාරිස් වරයාට ඉල්ලීම් පහක් ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමට යහපත්ව ප්‍රතිචාරයක් නොලැබීමත් හේතුවෙන් 1987 සැප්තැම්බර් 15 වන දින යාපනය නල්ලූර් කෝවිල ඉදිරිපිට දී උපවාසයක් ආරම්භ කළා.
දින 12 ජලය සහ ආහාර ප්‍රතික්ෂේප කරමින් අඛණ්ඩව උපවාස කළ ඔහු අධික විජළනය හේතුවෙන් සැප්තැම්බර් 26 වන දා මරණයට පත්වු වුණා.
තිලිපන් උපවාස කළ මෙම කාල සීමාව තුළ යුද ගැටුම් නිමා වීමෙන් අනතුරුව ද අවස්ථා ගණනාවක දී ඔහු සැමරීමට උත්සාහ කළ අතර මෙවර මෙම සැමරීමට එරෙහිව යාපනය අධිකරණය විසින් නියෝගයක් ද නිකුත් කර තිබුණා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා තිලීපන් සැමරීමට එක් වූයේ එම උසාවි නියෝගය සහ පවත්නා නිරෝධායන නීතිරීතිද උල්ලංඝනය කරමින්.

Follow US
Most Viewed Stories