සාගලට ඇමති ආරක්ෂාවක් කොහෙන්ද ? වඩිවේල් අසද්දී රනිල් වියරු වැටෙයි (වීඩියෝ)

Thursday, 23 September 2021 - 20:53

%E0%B7%83%E0%B7%8F%E0%B6%9C%E0%B6%BD%E0%B6%A7+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B6%9A%E0%B7%9C%E0%B7%84%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF+%3F+%E0%B7%80%E0%B6%A9%E0%B7%92%E0%B7%80%E0%B7%9A%E0%B6%BD%E0%B7%8A+%E0%B6%85%E0%B7%83%E0%B6%AF%E0%B7%8A%E0%B6%AF%E0%B7%93+%E0%B6%BB%E0%B6%B1%E0%B7%92%E0%B6%BD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BA%E0%B6%BB%E0%B7%94+%E0%B7%80%E0%B7%90%E0%B6%A7%E0%B7%99%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ඊයේ පාර්ලිමේන්තුව තුළදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රි වඩිවේල් සුරේෂ් වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කරමින් තමන්ට ජීවිත තර්ජන ඇති බව සඳහන් කළා.
 
තමන් ජාතික වෘත්තීය සමිති සම්මේලනයේ සභාපතිවරයා ලෙස කටයුතු කරන බවත් 2021 09 08 දින අංක 60 රාජගිරිය, ශ්‍රී ජයවර්ධනපුර මාවත පිහිටි තම කාර්යාලයේ ඉබි යතුරු බලහත්කාරයෙන් කඩා දමා කාර්යාලය තුළට මැර පිරිසක් පැමිණි බවත් මන්ත්‍රීවරයා මෙහිදී පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.
 
යකඩ කූරු සහ පොලු රැගෙන පැමිණි මෙම පිරිස් අතර ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් සහ හිටපු මන්ත්‍රීවරුන් වන සාගල රත්නායක, නවීන් දිසානායක සහ රුවන් විජේවර්ධන ද සිටි බවයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියා සිටියේ.
 
මොවුන් මෙලෙස ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් ද සමග බලහත්කාරයෙන් සිය කාර්යාලයට ඇතුළු වූයේ කාගේ හයියක් බලයක් ඇතිව ද යන්න තමන්ට ගැටලුවක් බව ඔහු පැවසුවේ.

තමන් මේ වන විට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් දරන බවත්, මෙලෙස බලහත්කාරයෙන් ඇතුළු වූ කිසිදු පුද්ගලයෙකු මේ වනවිට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර නොදරන බවත්,  ඔවුන් සාමාන්‍ය පුරවැසියන් වන බවත් අවධාරණය කළ වඩිවේල් සුරේෂ් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ප්‍රශ්න කර සිටියේ මන්ත්‍රී ධූර අහිමි වූ පසුවත් සාගල රත්නායක, නවීන් දිසානායක, රුවන් විජේවර්ධන ආදීන්ට ඇමති ආරක්ෂක අංශයේ ආරක්ෂාව ලැබෙන්නේ කෙසේද යන්නයි.
    
මෙලෙස ආයුධ සන්නද්ධව ඇමති ආරක්ෂක අංශයේ නිලධාරීන්ගේ ද ආරක්ෂාව ඇතිව සිය කාර්යාලයට බලහත්කාරයෙන් ඇතුළු වී තමන්ට තර්ජනය කිරීම සහ පහරදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් වහාම සොයා බලන ලෙසත් ඔහු මෙහිදී කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

මෙම සිදුවීම් මාලාව හරහා මහජන නියෝජිතයකු වන තමන්හට ජීවිත තර්ජනයක් ඇති බව පැහැදිලිව අවබෝධ වන බවයි ඔහු අවධාරණය කළේ.

මෙම පිරිස් අදාළ සිදුවීම වූ දිනයේ සිය කාර්යාලයට පැමිණ තමන්ගේ රාජකාරියට බාධා කරමින් තමන්ට අපහාස වන අයුරින් සහ බිය දැනෙන අයුරින් කටයුතු කරන්නට වූ බවත් ඔහු කියා සිටියා.

එදින ඇතිවූ සිද්ධිය සම්බන්ධයෙන් තමන් විසින් වැලිකඩ පොලීසියේ පැමිණිල්ලක් ගොනු කළ ද මේ දක්වා එම පැමිණිල්ල සම්බන්ධයෙන් ද කිසිදු විමර්ශනයක් සිදු නොකල බවටයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා චෝදනා කළේ.

ඉහත සිදුවීම හරහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස තමන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවට තමන් සිතන බැවින් මෙම කාරණය පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවට යොමුකර සාධාරණ පියවරක් ගැනීමට කටයුතු කරන ලෙස ඔහු කතානායකවරයාගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

මෙම ප්‍රකාශයෙන් අනතුරුව නැගී සිටි එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ සිදුවීමට අදාලළ කාරණාය මේ වන විට උසාවියේ විභාග වන බැවින් එය නීත්‍යානුකූලව විසඳෙන තුරු සිටිය යුතු බවට යෝජනා කළා.

කෙසේ වෙතත් මෙහිදී සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිදුකළ බාධා කිරීම් හමුවේ රනිල් වික්‍රමසිංහ ප්‍රකෝපකාරී ව හැසිරෙමින් කතානායකවරයාට කියා සිටියේ මෙම පිස්සාට වාඩි වන ලෙසට දැනුම් දෙන ලෙසයි.

මෙලෙස අවස්ථා දෙකකදී එක්සත් ජාතික පක්ෂ නායකයා මෙම පිස්සා හට වාඩි වන ලෙස දැනුම් දෙන්නයි කථානායකවරයාට කියා සිටියා.

මෙම සිද්ධියත් සමග පාර්ලිමේන්තුවේ දැඩි උණුසුම් තත්ත්වයක් මතුවුණා.

කෙසේ වෙතත් මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් ගේ චෝදනාව වූයේ තමන් මතුකළ කාරණයට එක්සත් ජාතික පක්ෂ නායකයාට උත්තර බැඳීම සඳහා කිසිදු අයිතියක් නොමැති බවයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories