සහල්, කිරිපිටි, සිමෙන්ති හා ගෑස් ගැන අවසන් තීරණය අද

Friday, 24 September 2021 - 7:46

%E0%B7%83%E0%B7%84%E0%B6%BD%E0%B7%8A%2C+%E0%B6%9A%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%2C+%E0%B7%83%E0%B7%92%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%92+%E0%B7%84%E0%B7%8F+%E0%B6%9C%E0%B7%91%E0%B7%83%E0%B7%8A+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AD%E0%B7%93%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF
ජීවන වියදම් කමිටුව අද පෙරවරු 10ට රැස්වීමට නියමිත ව තිබෙනවා.

ඒ, අරලියගහ මන්දිරයේදී යි.

පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ, කිරිපිටි මිල වැඩි කිරීමට ඉදිරිපත් වී ඇති යෝජනා සම්බන්ධයෙන් එහි දී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

එසේම, ගෑස්, සිමෙන්ති, සහල් සහ තිරිඟු පිටි සම්බන්ධයෙන් මතු ව ඇති ගැටලු පිළිබඳව ද අද සාකච්ඡාවේ දී අවධානය යොමු වනවා.

මේ අතර, පාලන මිලට වැඩියෙන් ආහාර ද්‍රව්‍ය අලෙවි කරන වෙළඳුන් සම්බන්ධයෙන් පනවා ඇති නව දඩ මුදල් ලබන සඳුදා සිට ක්‍රියාත්මක කරන බව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න ප්‍රකාශ කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories