ඇෆ්ගනිස්ථානයේ මූල්‍ය සංචිත නිදහස් කරන්නැ යි ඉල්ලීමක්

Friday, 24 September 2021 - 8:20

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B7%96%E0%B6%BD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B7%83%E0%B6%82%E0%B6%A0%E0%B7%92%E0%B6%AD+%E0%B6%B1%E0%B7%92%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90+%E0%B6%BA%E0%B7%92+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A
අමෙරිකා එක්සත් ජනපදය විසින් රඳවාගෙන සිටින ඇෆ්ගනිස්ථානයේ විදෙස් සංචිත වහා නිදහස් කිරීමට පියවර ගන්නැ යි චීනය අමෙරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලීමක් කළා.

ජී-20 විදේශ අමාත්‍යවරුන්ගේ සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් චීන විදේශ අමාත්‍ය වෑන්-ඉ කියා සිටියේ අමෙරිකාවේ ඇති ඇෆ්ගනිස්ථාන විදේශ සංචිත දේශපාලන මෙවලමක් බවට පත් නොකළ යුතු බවයි.

ඩොලර් බිලියන 9.5ක් පමණ වන ඇෆ්ගනිස්ථාන විදේශ සංචිත අමෙරිකාවේ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇති අතර, තලේබාන්වරුන් පාලන බලය අත්පත් කර ගැනීමෙන් පසු එම සංචිත තහනම් කිරීමට අමෙරිකාව පියවර ගත්තා.

චීන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, ඇෆ්ගනිස්ථාන ජනතාව සතු මෙම සම්පත් අමෙරිකාව විසින් ඒකපාර්ශවිකව රඳවා ගැනීම පිළිගත නො හැකි කරුණක් බවයි.

ඇෆ්ගනිස්ථානයේ ජනතාව මුහුණදෙන දුෂ්කරතා මැඩලීමට ජාත්‍යන්තර ප්‍රජාව කටයුතු කළ යුතු බව අවධාරණය කළ චීන විදේශ අමාත්‍යවරයා, චීනය විසින් ඇෆ්ගනිස්ථානයට ලබාදුන් යුආන් මිලියන 200ක ආධාර පිළිබඳව ද සිහිපත් කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories