ඉන්දීය අගමැති මෝදි, වොෂින්ටනයේ දී කමලා හැරිස් හමුවෙයි

Friday, 24 September 2021 - 8:59

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%93%E0%B6%BA+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92+%E0%B6%B8%E0%B7%9D%E0%B6%AF%E0%B7%92%2C+%E0%B7%80%E0%B7%9C%E0%B7%82%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B6%B8%E0%B6%BD%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
අමෙරිකාවේ සංචාරයක් සඳහා පැමිණි ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වොෂින්ටන් නුවර දී අමෙරිකානු උප ජනාධිපති කමලා හැරිස් මුණ ගැසී තිබෙනවා.

ඇය අමෙරිකානු ඉතිහාසයේ ප්‍රථම උප ජනාධිපතිනිය මෙන්ම එරට දේශපාලනයේ ඉහළට ම පැමිණි ඉන්දීය සම්භවයක් සහිත කාන්තාවයි.

අග්‍රාමාත්‍ය මෝදි එහි දී ඇයගේ ඵෙතිහාසික ජයග්‍රහණය පිළිබඳ ව සුබ පැතුම් එක්කර තිබෙනවා.

එමෙන්ම, ඉන්දියානු ජනතාව ඇය පිළිගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බව ද අගමැති මෝදි සඳහන් කළා.

පසුගිය නොවැම්බරයේ දී අමෙරිකානු ජනාධිපතිවරණයෙන් ජෝ බයිඩ්න් සහ කමලා හැරිස් ජයග්‍රහණය කරද්දී ඇයගේ මව් ගම්මානය වන දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ තුලසේන්දිරපුරම්හි ජනතාව එය සැමරුවේ වීථිවලට පිවිස ගිනිකෙලි සංදර්ශන පවත්වමින්.

අගමැති මෝදි අද ප්‍රථම වරට ජනපති ජෝ බයිඩ්න් මුණ ගැසෙන අතර, අමෙරිකානු, ඕස්ටේ්‍රලියානු සහ ජපාන නායකයින් සමඟ සිව් පාර්ශවික සාකච්ඡාවකට ද එක්වනු ඇති.