කිලෝ 22ක ඉපැරණි බුද්ධ ප්‍රතිමාවක් විකිණීමට තැත්කළ 03ක් අත්අඩංගුවට (ඡායාරූප)

Sunday, 10 October 2021 - 8:37

%E0%B6%9A%E0%B7%92%E0%B6%BD%E0%B7%9D+22%E0%B6%9A+%E0%B6%89%E0%B6%B4%E0%B7%90%E0%B6%BB%E0%B6%AB%E0%B7%92+%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%B0+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%B8%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B6%AD%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B7%85+03%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
ඉපැරණි වටිනාකමකින් යුත් කිලෝග්‍රෑම් 22ක් පමණ බරැති බුදු පිළිමයක් රුපියල් ලක්ෂ 60ක මුදලකට අලෙවි කිරීමට උත්සාහ කළ පුද්ගලයින් 03 දෙනෙකු කහටගස්දිගිලිය - දිවුල්වැව - කෝමාරිකාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අදාළ බුදු පිළිමය ථූපාරාම දාගැබෙන් ලබාගත් එකක් බවට පවසමිනුයි ඔවුන් මෙලෙස අලෙවි කිරීමට උත්සාහ කර ඇත්තේ.

පොලිසිය උපාය දූතයින් යොදවා මෙලෙස ඊයේ අත්අඩංගුවට ගත් සැකකරුවන් අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් බව සඳහන්.

සංවිධානාත්මක කණ්ඩායමක් ඉතා සූක්ෂම ලෙස නිධන්වලින් ලබාගත් බව කියන බුදු පිළිම අලෙවි කරන බවටයි පොලිසියට තොරතුරක් ලැබී ඇත්තේ.

ඒ අනුව පොලිසිය ගැනුම්කරුවන් ලෙසට පෙනී සිටිමින් දින ගණනාවක් පුරා මිල ගණන් සාකච්ඡා කර දින වෙන්කරගෙන වැටලීම සිදුකර තිබෙනවා.

සැකකරුවන්ගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී ප්‍රකාශකර ඇත්තේ මෙය ථූපාරාම දාගැබෙන් ලබාගත් එකක් නොව වෙනත් පුද්ගලයෙකු මාර්ගයෙන් ලබාගත් පිළිමයක් බවයි.

අවුරුදු 40 43 සහ 45 වයස්වල පසුවන සැකකරුවන් අද අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories