චෙන්නායි සුපිරි රජවරු 2021 IPL තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි

Sunday, 10 October 2021 - 23:21

%E0%B6%A0%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B7%92+%E0%B7%83%E0%B7%94%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%BB%E0%B6%A2%E0%B7%80%E0%B6%BB%E0%B7%94+2021+IPL+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%85%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%84%E0%B7%8F+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B7%83%E0%B7%94%E0%B6%9A%E0%B6%B8%E0%B7%8A+%E0%B6%BD%E0%B6%B6%E0%B6%BA%E0%B7%92
2021 ඉන්දීය ප්‍රිමිය ලීග් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබීමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ  දිල්ලි කැපිටල් කණ්ඩායම සමඟ අද පැවති පළමු අවසන් පූර්ව තරගය කඩුලු 04කින් කින් ජය ගනිමින්.

තරගයේ පළමුව පන්දුවට පහර දුන් දිල්ලි කැපිටල් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුල කඩුලු 05ක් දැවී ලකුණු 172ක් රැස් කළා.

ලකුණු 173ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය චෙන්නායි කණ්ඩායම පන්දුවාර 19යි පන්දු 04ක් තුළ එම ඉලක්කය පසුකර යමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවා.