නේපාලයේ බස් අනතුරකින් 28ක් මරුට

Wednesday, 13 October 2021 - 7:52

%E0%B6%B1%E0%B7%9A%E0%B6%B4%E0%B7%8F%E0%B6%BD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B6%E0%B7%83%E0%B7%8A+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+28%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
වයඹදිග නේපාලයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයන් 28 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී තිබෙනවා.

මඟී ප්‍රවාහන බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 500ක පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරෙන් පුද්ගලයන් 20 දෙනෙකු පමණ තුවාල ලබා තිබෙනවා.