නොර්වේ රාජ්‍යයේ දුනු ඊතල ප්‍රහාරයකින් පුද්ගලයන් 5ක් මරුට

Thursday, 14 October 2021 - 6:26

%E0%B6%B1%E0%B7%9C%E0%B6%BB%E0%B7%8A%E0%B7%80%E0%B7%9A+%E0%B6%BB%E0%B7%8F%E0%B6%A2%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%B1%E0%B7%94+%E0%B6%8A%E0%B6%AD%E0%B6%BD+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB%E0%B6%BA%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+5%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B6%BB%E0%B7%94%E0%B6%A7
නෝර්වේ ඔස්ලෝ අගනුවරට නිරිත දෙසින් පිහිටි කොන්ස්ග්බර්ග් නගරයේදී පුද්ගලයෙකු එල්ල කළ දුනු ප්‍රහාරයකින් පුද්ගලයින් 5 දෙනෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබුවා.

එරට පොලිසිය සදහන් කළේ, මෙම සිද්ධිය ත්‍රස්ත ප්‍රහාරයක් ද යන්න සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

මෙම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

නෝර්වේ හි අගමැතිනී අර්නා සොල්බර්ග් ප්‍රකාශ කළේ, මෙය බියජනක ක්‍රියාවක් බවයි.