දිවයිනේ ප්‍රදේශ කිහිපයකට මඳ වැසි

Thursday, 14 October 2021 - 6:39

%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AF%E0%B7%9A%E0%B7%81+%E0%B6%9A%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B4%E0%B6%BA%E0%B6%9A%E0%B6%A7+%E0%B6%B8%E0%B6%B3+%E0%B7%80%E0%B7%90%E0%B7%83%E0%B7%92
බස්බනාහිර, සබරගමුව, මධ්‍යම හා වයඹ පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්වලත් වැසි ස්වල්පයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඌව පළාතේ සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් පවතින්නේ වැසි රහිත කාලගුණයක්.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් උතුරු, උතුරු මැද , වයඹ හා දකුණු පළාත්වල හා ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 50-60 දක්වා වර්ධනය විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තෙමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.