ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙකු හා සැකකාරියන් දෙදෙනෙකු අත්අඩංගුවට

Thursday, 14 October 2021 - 7:27

%E0%B6%9C%E0%B6%AB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B6%A7%E0%B6%BD%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%84%E0%B7%8F+%E0%B7%83%E0%B7%90%E0%B6%9A%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%85%E0%B6%A9%E0%B6%82%E0%B6%9C%E0%B7%94%E0%B7%80%E0%B6%A7
ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් දෙදෙනෙකු හා එක් සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට මීගමුව පොලිසිය සමත් වී තිබෙනවා.

ඒ මීගමුව - කුඩාපාඩුව ප්‍රදේශයේ දී.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, අවුරුදු 47, 40 හා 21 යන වයස්වල පසුවෙන මීගමුව, දොඩම්පේ හා හලුගම්මුල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසක්.

සැකකරු හා සැකකාරියන් දෙදෙනා (14) දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, වැඩිදුර පරීක්ෂණ මීගමුව පොලිසිය විසින් සිදු කරනු ඇති.