ලිතුවේනියාවෙන් ගෙනා පොහොර බෙදා හැරීම ඇරඹේ

Thursday, 14 October 2021 - 7:33

%E0%B6%BD%E0%B7%92%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A%E0%B6%B1%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8F+%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%B6%E0%B7%99%E0%B6%AF%E0%B7%8F+%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%93%E0%B6%B8+%E0%B6%87%E0%B6%BB%E0%B6%B9%E0%B7%9A
රජයේ සමාගම් විසින් මිල දී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් කාබනික පොහොර තොගය ඊයේ රාත්‍රියේම දිස්ත්‍රික් කිහිපයක් වෙත බෙදාහැරීම සඳහා යොමුකර තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ කියා සිටියේ අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්වල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත මේවා පිටත්කර යැවූ බවයි.

පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ඊයේ ලිතුවේනියාවේ සිට “වෙගොරස්” නම් නෞකාවෙන් කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

මහ කන්නය සඳහා අවශ්‍ය කාබනික පොහොර බෙදා හැරීම ඊයේ උදෑසන සිට ආරම්භ කරන බවට කෘෂිකර්ම අමාත්‍යංශය නිවේදනය කළත් ඊයේ එය සිදු නොවූ බවයි දිවයිනේ විවිධ ප්‍රදේශවල ගොවීන් ප්‍රකාශ කළේ.

ඒ අනුව වගාවන් සිදු කිරීමට අවශ්‍ය පොහොර ලබාදෙන ලෙස ඉල්ලමින් ඊයේ අම්පාර - දමන, මාදුරුඔය - ඉහළ ඇල්ලෑවැව, ඇළහැර - බකමූණ, පොළොන්නරුව - වැලිකන්ද සහ මහියංගනය යන ප්‍රදේශවල විරෝධතා පැවැත්වුණා.