උත්සවවල දී සීමා රකින්නැ යි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යළි අවධාරණය කරයි

Thursday, 14 October 2021 - 7:36

%E0%B6%8B%E0%B6%AD%E0%B7%8A%E0%B7%83%E0%B7%80%E0%B7%80%E0%B6%BD+%E0%B6%AF%E0%B7%93+%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%BB%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90+%E0%B6%BA%E0%B7%92+%E0%B6%B8%E0%B7%84%E0%B6%A2%E0%B6%B1+%E0%B7%83%E0%B7%9E%E0%B6%9B%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A%E0%B7%80%E0%B6%BB%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%BA%E0%B7%85%E0%B7%92+%E0%B6%85%E0%B7%80%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
කොරෝනා මර්දනයට පනවා ඇති සීමා උල්ලංඝනය කරමින් උත්සව සංවිධාන කරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.

මේ අතර, නව කොරෝනා ආසාදිතයින් 680 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 5,828,415 ක් දක්වා ඉහළ ගියා.

ඊයේ වාර්තා වූ නව ආසාදිතයන්ගෙන් 679 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර, විදේශයන් සිට පැමිණි එක් අයෙකු ද ආසාදිතයෙකු ලෙස  හදුනා ගැනුණා.

ඒ අනුව මෙරට සක්‍රීය ආසාදිතයින් සංඛ්‍යාව 23,769ක් වන අතර සුවය ලැබූ මුළු සංඛ්‍යාව 491,238ක්.

පෙරේදා සිදු වූ බවට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඊයේ තහවුරු කරන ලද කොරෝනා මරණ 31ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,408ක් දක්වා ඉහළ ගියා.

විශ්වවිද්‍යාල සිසුන් සඳහා දැනට ක්‍රියාත්මක එන්නත්කරණ වැඩසටහනට එක්වීමේ ප්‍රවණතාවයේ අඩුවක් වාර්තා වන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සියලු විශ්වවිද්‍යාල සිසුන්ගෙන් ඉල්ලා සිටියේ දැනට ලබාදෙන සයිනොෆාම් එන්නත ලබාගන්නා ලෙසටයි.

එමෙන්ම, දුම්වැටි භාවිතය හේතුවෙන් පසු කොරෝනා තත්ත්වයන් දීර්ඝ කාලීනව පැවතිය හැකි බව කොළඹ ජාතික අක්ෂි රෝහලේ, කායික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලක කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළා.