ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගැන, ඇමති ගම්මන්පිළ සහ වෘත්තීය සමිති අතර විවාදය අද (වීඩියෝ)

Thursday, 14 October 2021 - 7:46

%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%B8%E0%B6%BD%E0%B6%BA+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B6%A7%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%92+%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%2C+%E0%B6%87%E0%B6%B8%E0%B6%AD%E0%B7%92+%E0%B6%9C%E0%B6%B8%E0%B7%8A%E0%B6%B8%E0%B6%B1%E0%B7%8A%E0%B6%B4%E0%B7%92%E0%B7%85+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%98%E0%B6%AD%E0%B7%8A%E0%B6%AD%E0%B7%93%E0%B6%BA+%E0%B7%83%E0%B6%B8%E0%B7%92%E0%B6%AD%E0%B7%92+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B7%80%E0%B7%8F%E0%B6%AF%E0%B6%BA+%E0%B6%85%E0%B6%AF+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ත්‍රිකුණාමලයේ පිහිටි තෙල් ටැංකි පිළිබඳ ඇමති උදය ගම්මන්පිල සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති අතර පැවැත්වෙන විවාදය හිරු ටී.වී, ඔස්සේ අද රාත්‍රීයේ පැවැත්වෙන විශේෂ 'බලය' වැඩසටහනෙන් විකාශය කිරීමට නියමිතයි.

මෙහිදී තෙල් ටැංකි ඉන්දියාවට ලබා දෙන්නේද නැතහොත් යළි පවරා ගන්නේදැයි මෙහිදී ඇමති හා වෘත්තීය සමිති අතර මුහුණට මුහුණ සංවාදයට ලක්කෙරෙනු ඇති.

මෙම විවාදය සදහා ඛණිජ තෙල් වාණිජ කර්මාන්ත හා සේවා සේවක සංගමයේ සභාපති බන්දුල සමන්, ඛනිජ තෙල් වෘත්තීය සමිති සභාපති අශෝක රන්වල සහ ඛනිජ තෙල් වෘත්තීය සමිති කැදවුම්කරු ආනන්ද පාලිත එක්වීමට නියමිතයි.

ඛනිජ තෙල් වෘත්තීය සමිති පසුගිය දා විවිධ පාර්ශව මුණගැසෙමින් ත්‍රීකුණාමලය තෙල් ටැංකි ඉන්දියාවට පවරා දීමේ සූදානමක් ඇතැයි අනාවරණය කළා.

පසුගිය ඔක්තෝම්බර් 11 වැනි සදුඳා පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල වෘත්තීය සමිතිවලට අභියෝග කළේ, තෙල් ටැංකි පිළිබඳ මුහුණට මුහුණ රූපවාහිණි සංවාදයකට පැමිණෙන ලෙසටයි.