බදියුදීන් 24 වැනි දා යළිත් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලය හමුවට

Thursday, 14 October 2021 - 7:48

%E0%B6%B6%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%94%E0%B6%AF%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+24+%E0%B7%80%E0%B7%90%E0%B6%B1%E0%B7%92+%E0%B6%AF%E0%B7%8F+%E0%B6%BA%E0%B7%85%E0%B7%92%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB+%E0%B7%80%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%81%E0%B7%8A%E0%B6%A0%E0%B6%BA+%E0%B6%B8%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B6%BD%E0%B6%BA+%E0%B7%84%E0%B6%B8%E0%B7%94%E0%B7%80%E0%B6%A7
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන්ගේ සිර කුටියෙන් ජංගම දුරකතනයක් සොයා ගැනීමේ සිද්ධියට අදාළව ඔහු නැවතත් බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක ප්‍රකාශ කළා.

ඒ අනුව මේ මස 24 වැනිදා ඔහු යළි විනිශ්චය මණ්ඩලය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සිද්ධියට අදාළ චෝදනා ගොනුකර ඊයේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ බන්ධනාගාර විනිශ්චය මණ්ඩලයේ මහේස්ත්‍රාත්වරයා හමුවට මන්ත්‍රීවරයා ඉදිරිපත් කර ඇති අතර, එහිදී අදාළ චෝදනාවලට තමා නිවැරදිකරු බව ඔහු පවසා තිබෙනවා.

මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා ළඟ තිබී දුරකතනයක් සොයා ගත්තේ පසුගිය සැප්තැම්බර් 01 වැනිදා යි.

අනතුරුව අදාළ දුරකතනය ලබාදුන් බවට හඳුනාගත් ජේලර්වරයෙකුද මැගසින් බන්ධනාගාරයේ සිට වවුනියාව බන්ධනාගාරයට මාරු කළා.

මීට පෙර රිෂාඩ් බදියුදීන් බන්ධනාගාර වෛද්‍යවරයෙකුට මරණ තර්ජනය කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන්ද ඔහු විනිශ්චය සභාවක් හමුවට ඉදිරිපත් කිරීමට තීරණය කළ බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.