කෙන්යානු ජාතික දිගු දුර ධාවන ශූරිය ඝාතනය වෙයි

Thursday, 14 October 2021 - 8:25

%E0%B6%9A%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%BA%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%A2%E0%B7%8F%E0%B6%AD%E0%B7%92%E0%B6%9A+%E0%B6%AF%E0%B7%92%E0%B6%9C%E0%B7%94+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB+%E0%B6%B0%E0%B7%8F%E0%B7%80%E0%B6%B1+%E0%B7%81%E0%B7%96%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%9D%E0%B7%8F%E0%B6%AD%E0%B6%B1%E0%B6%BA+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
කිලෝමීටර් 10 දුර දිවීමේ ලෝක වාර්තාවට හිමිකම් කියන කෙන්යාවේ ඇග්නස් ටිරෝප්, තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.

ඒ, කෙන්යාවේ - අයිටන් නගරයේ පිහිටි ඇයගේ නිවසේදීයි.

25 හැවිරිදි ඇය ඝාතනය කර ඇත්තේ ස්වාමි පුරුෂයා විසින් බවට සැක කෙරෙනවා.

පසුගිය මාසයේ ජර්මනියේ පැවති කිලෝමීටර් 10 දුර දිවීමේ ඉසව්වේදී මෙම ලෝක වාර්තාව පිහිට වූ ඇය ලෝක මළල ක්‍රීඩා ශූරතා තරගාවලියේද පදක්කම්ලාභිනියක් වනවා..