නීතිවිරෝධී මත්පැන් පෙරූ දෙදෙනෙක් මිනුවන්ගොඩදී කොටු වේ (ඡායාරූප)

Thursday, 14 October 2021 - 10:00

%E0%B6%B1%E0%B7%93%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B7%93+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%B4%E0%B7%90%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%99%E0%B6%BB%E0%B7%96+%E0%B6%AF%E0%B7%99%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%9C%E0%B7%9C%E0%B6%A9%E0%B6%AF%E0%B7%93+%E0%B6%9A%E0%B7%9C%E0%B6%A7%E0%B7%94+%E0%B7%80%E0%B7%9A+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4%29
නීතිවිරෝධී මත්පැන් තොගයක් සමඟ පුද්ගලයින් දෙදෙනෙකු මිනුවන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ ඊයේ පස්වරුවේ (13) විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය 1හි නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි.

එහිදී සැකකරුවන් සන්තකයේ තිබී නීතිවිරෝධී මත්පැන් බෝතල් 333ක් ,තඹ දඟර 02ක්, ගෑස් සිලින්ඩර් 01ක් සහ යකඩ බැරල් 04ක් විශේෂ කාර්යය බලකාය සිය භාරයට ගැනුණා.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 38 වැනි වියෙහි පසුවන්නන් වන අතර, ඔවුන් එම ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

වැඩිදුර විමර්ශන කටයුතු සිදු කිරීම සඳහා සැකකරුවන් මිනුවන්ගොඩ පොලීසිය වෙත භාර දී තිබෙනවා.