වසන්තප්‍රිය රාමනායක අභවප්‍රාප්ත වෙයි

Thursday, 14 October 2021 - 10:21

%E0%B7%80%E0%B7%83%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B6%B1%E0%B7%8F%E0%B6%BA%E0%B6%9A+%E0%B6%85%E0%B6%B7%E0%B7%80%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B4%E0%B7%8A%E0%B6%AD+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක අභාවප්‍රාප්ත වෙයි

80 දශකයේ සිට දසක හතරකට ආසන්න කාලයක් මාධ්‍යවේදියෙකු ලෙස කටයුතු කළ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී වසන්ත ප්‍රිය රාමනායක අභාවප්‍රාප්ත වී තිබෙනවා.

මිය යන විට  67 වියේ පසු වූ එතුමා දෙදරු පියෙක්.
 
'පෙරමඟ' සඟරාවේ මාණ්ඩලික ලේඛකයෙකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ඇරඹූ වසන්ත රාමනායක, පසුව එහි සහ දෙසතිය' සඟරාවේ ප්‍රධාන සංස්කාරක ලෙස ද කටයුතු කළා.
 
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂකවරයෙකු ලෙස ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ මාධ්‍ය අධ්‍යක්ෂවරයෙකු ලෙස ද  ඒ  මහතා කටයුතු කර තිබෙනවා.
 
කෙටි කලක් ලේක්හවුස් ආයතනයේ සභාපති ධූරය හෙබ වූ රාමනායක මහතා, ප්‍රවීණ දේශපාලන විචාරකයෙකු ලෙස ද ප්‍රකටයි.
 
ඔහු විසින් ලංකාදීප පුවත්පතේ 'කිවිදා විග්‍රහය' දේශපාලන ලිපිය දීර්ඝ කාලයක් රචනා කළ අතර, ජාතික රූපවාහිනියේ ද දේශපාලන සමාලෝචන වැඩසටහන් මෙහෙය වූවා.
 
ආසියානු කලාපයේ මාධ්‍යවේදීන් හා සාහිත්‍යධරයින් අතර පුළුල් සබඳතාවයක් ඇති කිරීම අරමුණෙන් 2015 දී ඇරඹූ ආසියානු මාධ්‍ය හා සංස්කෘතික  සංගමයේ (AMCA ) පුරෝගාමියා වන්නේ ද වසන්ත රාමනායක යි.
 
වසන්ත ප්‍රිය රාමනායක ගාල්ල විද්‍යාලෝක විද්‍යාලීය ආදි ශිෂ්‍යයෙක්.
 
ඒ මහතාගේ දේහය මේ වන විට බොරැල්ල  ජයරත්න මල් ශාලාවේ Respect හි තැන්පත් කර අතර, අවසන් කටයුතු හෙට (15) ප.ව. 3.00 ට බොරැල්ල සුසාන භූමියේදී සිදු කිරීමට යි නියමිත ව ඇත්තේ.