ඊයේත් පුද්ගලයින් 69,000කට එන්නත්

Thursday, 14 October 2021 - 11:13

%E0%B6%8A%E0%B6%BA%E0%B7%9A%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+69%2C000%E0%B6%9A%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A
මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව පුද්ගලයින් 69,902කුට ඊයේ එන්නත් ලබා දී තිබෙනවා.

ඒ අනුව සයිනොෆාම් එන්නතේ පළමු මාත්‍රාව 12,189 දෙනෙකුටත් දෙවන මාත්‍රාව පුද්ගලයින් 51,717කටත් ලබා දී ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

වසංගත රෝග විද්‍යා අංශය කියා සිටියේ ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ දෙවන මාත්‍රාව පුද්ගලයින් 4552කට ලබා දී ඇති බවයි.

මේ අතර, අවුරුදු 20ට වැඩි පුද්ගලයින්ගෙන් 85%කට එන්නත් ලබා දී අවසන් වී තිබෙනවා.