විලියම් ෂැට්නර් අභ්‍යාවකාශගත වූ වයස්ගතම පුද්ගලයා වෙයි

Thursday, 14 October 2021 - 11:15

%E0%B7%80%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B7%82%E0%B7%90%E0%B6%A7%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%8A+%E0%B6%85%E0%B6%B7%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B6%9A%E0%B7%8F%E0%B7%81%E0%B6%9C%E0%B6%AD+%E0%B7%80%E0%B7%96+%E0%B7%80%E0%B6%BA%E0%B7%83%E0%B7%8A%E0%B6%9C%E0%B6%AD%E0%B6%B8+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%8F+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ලොව ප්‍රකට ස්ටාර් ට්‍රැක් රූපවාහිනී නාට්‍ය මාලාවේ රඟ පෑ ප්‍රකට නළුවෙකු වන විලියම් ෂැට්නර් ලොව අභ්‍යාවකාශගත වූ වයස්ගතම පුද්ගලයින්ගේ ලැයිස්තුවට එක් වී තිබෙනවා.

90 හැවිරිදි වියේ පසුවන ඔහු ඊයේ මෙම වාර්තාව තබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ලොව ප්‍රකට ධනපතියෙකු වන ජෙෆ් බෙසෝස් හිමිකාරීත්වය දරන ඇමසෝන් ආයතනය විසින් විලියම් ෂැට්නර් සහ තවත් දෙදෙනෙකු රැගත් එම යානය ඊයේ අභ්‍යාවකාශගත වී ඇති අතර, විනාඩි 10කින් පසුව එය සාර්ථකව ඇමරිකාවේ ටෙක්සාස් හි බ්ලූ ඔරිජින් ප්‍රාන්තයට ගොඩබස්සවා තිබෙනවා.