අපි ඉදිරි ණය ගෙවන්න IMF පිටිපස්සේ යන්නෙ නෑ - මහ බැංකු අධිපති කියයි (වීඩියෝ)

Thursday, 14 October 2021 - 12:42

%E0%B6%85%E0%B6%B4%E0%B7%92+%E0%B6%89%E0%B6%AF%E0%B7%92%E0%B6%BB%E0%B7%92+%E0%B6%AB%E0%B6%BA+%E0%B6%9C%E0%B7%99%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1+IMF+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%B4%E0%B7%83%E0%B7%8A%E0%B7%83%E0%B7%9A+%E0%B6%BA%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%99+%E0%B6%B1%E0%B7%91+-+%E0%B6%B8%E0%B7%84+%E0%B6%B6%E0%B7%90%E0%B6%82%E0%B6%9A%E0%B7%94+%E0%B6%85%E0%B6%B0%E0%B7%92%E0%B6%B4%E0%B6%AD%E0%B7%92+%E0%B6%9A%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ප්‍රතිපත්ති පොලී අනුපාතික නොවෙනස්ව පවත්වා ගෙන යෑමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය 5% සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය 6% ලෙස නොවෙනස්ව පවතිනු ඇති.

ගෝලීය සාර්ව ආර්ථික තතත්ත්වයන් සහ අපේක්ෂිත වර්ධනය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි මුදල් මණ්ඩලය නිවේදනය කරන්නේ.

ඉදිරියේදී මෙරට විදේශ සංචිත ශක්තිමත් කිරීම සඳහා අංශ කිහිපයකින් මූල්‍ය සම්පාදනය සිදු වනු ඇති බව මහබැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියා.

ඒ මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඊයේ රැස් වූ අවස්ථාවේදීයි.

ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 4%ක මට්ටමේ නොවෙනස්ව පවතින බවද මහ බැංකුව නිවේදනය කළා.

මේ අතර BLOOMBERG රූපවාහිනී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වූ මහබැංකු අධිපතිවරයා යළි අවධාරණය කළේ, මේ අවස්ථාවේදී ජාත්‍යන්තර  මූල්‍ය අරමුදලේ සහාය  ශ්‍රී ලංකාවට අවශ්‍ය නොවන බවයි.

මාධ්‍යවේදියා : විදේශ විනිමය අනුපාතිකය ගැන ඔබ සෑහීමකට පත්වෙනවාද? මොකද කලාපයේ සෙසු මුදල් ඒකක හා සැසඳීමේදී රුපියල එතරම් හොඳ  හැසිරීමක් නෙවෙයි පෙන්නුම් කරන්නේ

අජිත් නිවාඩ් කබ්රාල් : මේ වසරේදී රුපියල 6.8%කින් පමණ අවප්‍රමාණය වුණා. මම විශ්වාස කරන විදිහට එය අපි අපේක්ෂා කළ මට්ටමට වඩා වැඩි අගයක්. අපි දැන් ක්‍රියා කරගෙන යනවා ණය නොවන ගලා ඒම් සහ රජයන්ගෙන් - රජයන්ට ගලා ඒම් වැඩි කරගන්න. එමගින් අපිට පුළුවන් වෙයි විනිමය අනුපාතිකය ක්‍රමයෙන් පාලනය කරගන්න. එය ණය ආපසු ගෙවීමටත්, ඒ වගේම භාණ්ඩ මිල ජනතාවට දරාගත හැකි මට්ටමකට පවත්වාගෙන යෑමේ රජයේ වැඩපිලිවෙලට ද පහසු තත්ත්වයක් ඇති කරයි.  

මාධ්‍යවේදියා : කබ්රාල් මහත්මයා, තවත් කාරණා දෙකක්. ජනවාරි මාසයේදී  මිලියන 500ක බැඳුම්කරයක් හා  බිලියන 1 ක බැඳුම්කරයක් ජූලි මාසයේදී ආපසු ගෙවන්න නියමිතව තිබෙනවා. ඔබ මේ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යොමු වන්නට බලාපොරොත්තු වෙනවාද? එහෙමත් නැත්නම් ඒ සඳහා වන මාර්ගය සම්පූර්ණයෙන්ම අහුරා දමා ද තිබෙන්නේ?

අජිත් නිවාඩ් කබ්රාල් : IMF වෙත යොමු වීම මේ වෙලාවේ අවශ්‍ය නැහැ. මොකද අපි ජනවාරි සහ ජූලි ස්වෛරීත්ව බැඳුම්කර ආපසු ගෙවිය හැකි ස්ථාවරයක සිටිනවා. මොකද රට තුළට මුදල් ගලා ඒමේ ප්‍රවාහ රැසක් මේ වනවිට අපි පෙළගස්වලයි තියෙන්නේ. IMF එකත් බොහෝ විට කියාවි පාරිභෝගික භාණ්ඩ මිල ගණන් ආර්ථිකයේ පවතින තත්ත්වයන් මත නිර්ණය වෙන්න ඉඩ දෙන්න කියලා. ඒකම තමයි අපි දැනුත් කරන්නේ.  ඒ වගේම මා ඔබට පැවසූ පරිදි  නව මුදල් ප්‍රවාහ අපි අපේක්ෂා කරනවා. ඒ අනුව IMF එක යෝජනා කරන ආකාරයේ වැඩපිලිවෙලකට සමාන වැඩපිළිවෙළක් තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. මේ නිසා මම විශ්වාස කරනවා අපගේ ණය කරුවන්ට කිසිදු බලපෑමකින් තොරව අදාළ ගෙවීම් කටයුතු කරන්නට හැකියාව ලැබෙයි කියලා. අපිට ඒ ශක්තිය තියෙනවා.