සුදුලූනු වංචාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි 5 දෙනාට ඇප

Thursday, 14 October 2021 - 13:05

%E0%B7%83%E0%B7%94%E0%B6%AF%E0%B7%94%E0%B6%BD%E0%B7%96%E0%B6%B1%E0%B7%94+%E0%B7%80%E0%B6%82%E0%B6%A0%E0%B7%8F%E0%B7%80%E0%B6%A7+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92%E0%B6%AD+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%B1%E0%B7%8F%E0%B6%9C%E0%B7%8F%E0%B6%BB%E0%B6%9C%E0%B6%AD+%E0%B6%9A%E0%B6%BB+%E0%B7%83%E0%B7%92%E0%B6%A7%E0%B7%92+5+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+%E0%B6%87%E0%B6%B4
ලංකා සතොස ආයතනයේ සිදු වූ බව කියන සුදුලූනු වංචාවට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින එම සුදුලූනු මිල දී ගත් ව්‍යාපාරිකයා ඇතුළු 5 දෙනාට ඇප නියම කර තිබෙනවා.

ඒ ඊට අදාළ නඩුව අද වත්තල මහේස්ත්‍රාත් අධිකරණයට කැඳ වූ අවස්ථාවේදීයි.

එක් අයෙකුට රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි මහේස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ.

මෙම සිද්ධියට අදාළව ලංකා සතොසේ මිල දී ගැනීම් පිළිබද සහකාර සාමාන්‍යාධිකාරීවරියකු, ජ්‍යේෂ්ඨ සැපයුම් කළමනාකරුවෙකු, සැපයුම් කළමනාකාරවරයෙකු සහ තොග අලෙවිසැල් කළමනාකරුවෙකු පසුගිය දා අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

එම සුදුලූනු මිල දී ගත් බලපිටිය ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු ද පසුගිය දා අත්අඩංගුවට ගෙන අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි පියවර ගැනුණේ.