ඇෆ්ගනිස්ථානයේ මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණ සඳහා මෙරට ආරක්ෂක සහාය

Thursday, 14 October 2021 - 13:16

%E0%B6%87%E0%B7%86%E0%B7%8A%E0%B6%9C%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B6%B1%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%8A%E2%80%8D%E0%B6%BA+%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B7%8F%E0%B6%BB%E0%B6%B8%E0%B7%8A+%E0%B7%83%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%B0%E0%B6%BA%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%92%E0%B6%AF%E0%B7%94+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1+%E0%B6%B4%E0%B6%BB%E0%B7%93%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%83%E0%B6%B3%E0%B7%84%E0%B7%8F+%E0%B6%B8%E0%B7%99%E0%B6%BB%E0%B6%A7+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%9A+%E0%B7%83%E0%B7%84%E0%B7%8F%E0%B6%BA
ඇෆ්ගනිස්ථානයේ සිට සිදු කරන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ පරීක්ෂණ සඳහා මෙරට ආරක්ෂක අංශවල පූර්ණ සහයෝගය ලබාදීමට පියවර ගෙන තිබෙනවා.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය ද මෙම පරීක්ෂණ සඳහා සහයෝගය ලබාදීමට එකඟ වී ඇති බවයි වාර්තා වන්නේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කළේ, පාකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරමේ ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා මෙරට අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහයෝගය දැක්වීමට සූදානමින් සිටින බවයි.

පසුගිය මාර්තු මාසයේ දී පාකිස්තානයේ සිට මෙරටට පැමිණි ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගනු ලැබුවේ, හෙරොයින් මත්කුඩු සමඟයි.

මෙහිදී ශ්‍රී ලාංකිකයින් 6 දෙනෙකු ද පොලිස් භාරයට පත්වුණා.

වැඩිදුර පරීක්ෂණවලදී හෙළි වූයේ හිටපු එල්.ටී.ටී.ඊ. බුද්ධි අංශ සාමාජිකයින් සමග තවත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු ද මෙම අත්අඩංගුවට ගත් පිරිස අතර වන බවටයි.