හබරණ - පොළොන්නරුව මඟ හරස් කරමින් ගොවීන් විරෝධතාවයේ (වීඩියෝ)

Thursday, 14 October 2021 - 13:22

%E0%B7%84%E0%B6%B6%E0%B6%BB%E0%B6%AB+-+%E0%B6%B4%E0%B7%9C%E0%B7%85%E0%B7%9C%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%BB%E0%B7%94%E0%B7%80+%E0%B6%B8%E0%B6%9F+%E0%B7%84%E0%B6%BB%E0%B7%83%E0%B7%8A+%E0%B6%9A%E0%B6%BB%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%9C%E0%B7%9C%E0%B7%80%E0%B7%93%E0%B6%B1%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F%E0%B7%80%E0%B6%BA%E0%B7%9A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
සිය වගාවන් සඳහා පොහොර ලබාදෙන ලෙස ඉල්ලා අදත් ප්‍රදේශ රැසක ගොවි විරෝධතා පැවැත්වුණා.

මේ අතර රජයේ සමාගම් විසින් මිල දී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගය කාබනික පොහොර නොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය ප්‍රකාශ කළේ.

එහි ජාතික සංවිධායක හිටපු පළාත් සභා මන්ත්‍රී නාමල් කරුණාරත්න කියා සිටියේ, ආණ්ඩුව ගොවීන් රවටා ඇති බවයි.

පොහොර මෙට්‍රික් ටොන් 30,000ක් ඊයේ ලිතුවේනියාවේ සිට “වෙගොරස්” නම් නෞකාවෙන් කොළඹ වරාය වෙත රැගෙන එනු ලැබුවා.

රජයේ සමාගම් විසින් මිල දී ගත් පොටෑසියම් ක්ලෝරයිඩ් පොහොර තොගය ඊයේ රාත්‍රියේම අම්පාර, මඩකලපුව, අනුරාධපුරය, කුරුණෑගල, පුත්තලම, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල පිහිටි ගොවිජන සේවා මධ්‍යස්ථාන වෙත යොමු කර තිබුණා.

එමෙන්ම පොහොර ඉල්ලා පරාක්‍රම සමුද්‍රය, නොනාගම - හතේඇල ප්‍රදේශයේ ගොවීන් ද අද විරෝධතාවක නිරත වුණා.