කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000 කට හෙට සිට එන්නත් (වීඩියෝ)

Thursday, 14 October 2021 - 13:24

%E0%B6%9A%E0%B7%9C%E0%B7%85%E0%B6%B9+%E0%B6%85%E0%B6%B0%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%8F%E0%B6%B4%E0%B6%B1+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8F%E0%B6%B4%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%B1%E0%B7%8A+24%2C000+%E0%B6%9A%E0%B6%A7+%E0%B7%84%E0%B7%99%E0%B6%A7+%E0%B7%83%E0%B7%92%E0%B6%A7+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
කොළඹ අධ්‍යාපන කලාපයේ දරුවන් 24,000 කට හෙට සිට ෆයිසර් එන්නත ලබාදීම ආරම්භ කරන බව කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා පවසනවා.

ඒ අනුව හෙට දිනයේදී විශාකා, තර්ස්ටන්, සෙන් බෙනඩික් සහ විවේකානන්ද යන විද්‍යාලවලදී එන්නත්කරණ කටයුතු ආරම්භ කරන බවයි ඔහු කියා සිටියේ.

කොළඹ දිස්ත්‍රික්කයේ සියලු අධ්‍යාපන කලාපවල මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සහ එක්වරක් පෙනී සිටි දරුවන්ට එන්නත්කරණ කටයුතු හෙට ආරම්භ කෙරෙන අතර, එන්නත ලබාගැනීම සඳහා පැමිණෙන දරුවන් ජාතික හැඳුනුම්පත රැගෙන ආ යුතු වනවා.

කොළඹ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ ජී.එන්. සිල්වා අද මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ දින 21 ක් ඇතුළත කලාපයේ දරුවන්ට එන්නත් ලබාදී අවසන් කිරීමට සැලසුම් කර ඇති බවයි.

මේ අතර, මෙරට කොරෝනා ප්‍රතිශක්තිකරණ වැඩසටහනට අදාළව ඊයේ පුද්ගලයින් 69,902 දෙනෙකුට එන්නත් ලබා දී තිබෙනවා.

මේ වනවිට පූර්ණ එන්නත්කරණයට ලක්වූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව එක්කෝටි 26 ලක්ෂය ඉක්මවා ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ.

එසේම, නිධන්ගත රෝග සහ වෙනත් ආබාධ සහිත වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත් කිරීමේ කටයුතුද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා බව පවසමින් නගරයේ වෙළඳසැල්වලට දුරකතනයෙන් අමතා කප්පම් මුදල් ඉල්ලා සිටින පිරිසක් සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කළ බව ජාඇල මහජන සෞඛ්‍ය පරීක්ෂක ධනංජය හේරත් පවසනවා.

ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටියේ එවැනි ඇමතුම් ලැබුනහොත් ඒ සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසයි.