ගාල්ලේ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු මිය යයි (ඡායාරූප සහ වීඩියෝ)

Thursday, 14 October 2021 - 13:40

%E0%B6%9C%E0%B7%8F%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%9A+%E0%B7%80%E0%B7%99%E0%B6%A9%E0%B7%92+%E0%B6%AD%E0%B7%90%E0%B6%B6%E0%B7%93%E0%B6%B8%E0%B6%9A%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E0%B6%9C%E0%B6%BD%E0%B6%BA%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA+%E0%B6%BA%E0%B6%BA%E0%B7%92+%28%E0%B6%A1%E0%B7%8F%E0%B6%BA%E0%B7%8F%E0%B6%BB%E0%B7%96%E0%B6%B4+%E0%B7%83%E0%B7%84+%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29

හබරාදුව - පිංවත්ත ප්‍රදේශයේදී අද දහවල් සිදුවූ වෙඩි තැබීමකින් 44 හැවිරිදි පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ උණවටුන, දලවැල්ල ප්‍රදේශයේ පදිංචි අයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඔහු යුද හමුදාවේ සේවය කර පසුව ඉන් ඉවත් වී මුදල් පොලියට ලබාදීමේ ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙක්.

මියගිය පුද්ගලයා ඔහුට හිමි වෙළඳසැලක් ඉදිරිපිට රැදී සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම් සිදුකර පලාගොස් තිබුණා.

සැකකරුවන් මෙතෙක් හඳුනා ගෙන නැහැ.