කොරෝනා වැළඳී නිවසේ ප්‍රතිකාර ලබන රජයේ සේවකයින්ට අග්‍රහාර රක්ෂණ වන්දි දෙන්නැයි අගමැතිගෙන් උපදෙස්

Thursday, 14 October 2021 - 15:40

%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B7%80%E0%B7%90%E0%B7%85%E0%B6%B3%E0%B7%93+%E0%B6%B1%E0%B7%92%E0%B7%80%E0%B7%83%E0%B7%9A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BD%E0%B6%B6%E0%B6%B1+%E0%B6%BB%E0%B6%A2%E0%B6%BA%E0%B7%9A+%E0%B7%83%E0%B7%9A%E0%B7%80%E0%B6%9A%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB+%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB+%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B7%90%E0%B6%BA%E0%B7%92+%E0%B6%85%E0%B6%9C%E0%B6%B8%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%8B%E0%B6%B4%E0%B6%AF%E0%B7%99%E0%B7%83%E0%B7%8A
කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුරව නිවසේ ප්‍රතිකාර ලබන රාජ්‍ය සේවකයන්ටත් අග්‍රහාර රක්ෂණ අරමුදලෙන් වන්දි ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අදාළ නිලධාරින්ට උපදෙස් ලබාදී තිබෙනවා.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සහ ඒකාබද්ධ වෘත්තීය සමිති නියෝජිතයින් සමග අරලියගහ මන්දිරයේ ඊයේ පැවති සාකච්ඡාවකදීයි අග්‍රාමාත්‍යවරයා මේ බව දැනුම් දී ඇත්තේ.

රාජ්‍ය සේවකයින් කොරෝනා වැළඳී ජිවිත අහිමිවීම හා රෝහල් ගතව ප්‍රතිකාර ගැනීමේදී අග්‍රහාර රක්ෂණ වන්දි ගෙවීමේ ක්‍රමය මේ වසරේ අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කිරීමට එවකට මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා පියවර ගෙන තිබුණා.