බංග්ලාදේශයේ දුර්ගා පූජාවන්ට සංවිධානාත්මක කල්ලි වලින් ප්‍රහාර

Thursday, 14 October 2021 - 22:25

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%94%E0%B6%BB%E0%B7%8A%E0%B6%9C%E0%B7%8F+%E0%B6%B4%E0%B7%96%E0%B6%A2%E0%B7%8F%E0%B7%80%E0%B6%B1%E0%B7%8A%E0%B6%A7+%E0%B7%83%E0%B6%82%E0%B7%80%E0%B7%92%E0%B6%B0%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E0%B6%B8%E0%B6%9A+%E0%B6%9A%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%92+%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%84%E0%B7%8F%E0%B6%BB
බංග්ලාදේශයේ වාසය කරන හින්දු බැතිමතුන් විසින් සමරනු ලබන දුර්ගා දේවිය වන්දනා කිරීමේ පූජාවන් අතර තුර එල්ල කෙරුණු ප්‍රහාරයන් හේතුවෙන් මේ වන විට පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බංග්ලාදේශයේ ස්ථාන ගණනාවකදී මෙලෙස දුර්ගා දේවිය උදෙසා සිදුකෙරෙන පූජාවන්ට සංවිධානාත්මක අන්තවාදී කණ්ඩායම් වල ප්‍රහාර එල්ල වී තිබෙනවා.

ඇතැම් ස්ථානවල මෙම ගැටුම් ප්‍රචණ්ඩකාරී ස්වරූපයක් ගත් අතර ගැටුම් බහුල ප්‍රදේශවල හමුදා භටයින් ආරක්ෂාව සඳහා අනුයුක්ත කිරීමටත් බංග්ලාදේශ රජය පියවර ගත්තා.

බංග්ලාදේශයේ කොමිලා නගරයේ නානුආර් දිගී විල අසල පිහිටි දුර්ගා පූජාවක දී අල් කුරානය අපවිත්‍ර කළ බවට සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වීමත් සමඟ මෙම ප්‍රචණ්ඩ ක්‍රියා ආරම්භ වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

කොම්ලා නගරයෙන් මතුවූ ගැටුම්කාරී තත්ත්වයන් පසුව චන්ද්පූර් හි හජිගංජ්, චත්තෝග්‍රෑම් හි බන්ෂ්ඛාලි සහ කොක්ස් බසාර්හි පෙකුවා යන ආගමික ස්ථාන කරාද ව්‍යාප්ත වුනා.

ප්‍රචණ්ඩ ක්‍රියා අනෙකුත් ප්‍රදේශ දක්වා ව්‍යාප්ත වීමත් සමඟ පොලිසිය තත්ත්වය පාලනය කිරීමට උත්සාහ කළ නමුත් මැර කණ්ඩායම් විසින් ඔවුන්ට ද ගල් ප්‍රහාර එල්ල කළා.

කලහකාරීන් විසුරුවා හැරීම සඳහා ආරක්ෂක හමුදාවලට කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කිරීමටත් සිදු වූ බව වාර්තා වනවා.