IOC සමාගමත් මිල අර්බුදයක - තෙල් සංස්ථාව කඩිනම් විසඳුම් ඉල්ලයි (වීඩියෝ)

Sunday, 17 October 2021 - 13:30

IOC+%E0%B7%83%E0%B6%B8%E0%B7%8F%E0%B6%9C%E0%B6%B8%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BD+%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A+-+%E0%B6%AD%E0%B7%99%E0%B6%BD%E0%B7%8A+%E0%B7%83%E0%B6%82%E0%B7%83%E0%B7%8A%E0%B6%AE%E0%B7%8F%E0%B7%80+%E0%B6%9A%E0%B6%A9%E0%B7%92%E0%B6%B1%E0%B6%B8%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%B3%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B6%BA%E0%B7%92+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඉහළම අගයකට පැමිණිමත් සමඟ කඩිනම් විසඳුමක් ලබාදෙන්නැයි තෙල් සංස්ථාව යළි භාණ්ඩාගාරයෙන් ඉල්ලීමක් කර තිබෙනවා.

ඊයේ දිනය වනවිට බොරතෙල් බැරලයක් ඩොලර් 85ක ඉහළ මිලක් වාර්තා කළ අතර, පිරිපහදු කළ ඉන්ධන ශ්‍රී ලංකාව ලබා ගන්නේ ලීටරයක් ඩොලර් 92 ක මිලකටයි.

මෙම තත්ත්වය මත තවදුරටත් නිල ස්ථාවරය පවත්වාගෙන යාම දැඩි අර්බුදයක් වී ඇති බවයි තෙල් සංස්ථාවේ සභාපති නීතිඥ සුමිත් විජේසිංහ සඳහන් කළේ.

පසුගිය සතියේ මාධ්‍ය හමුවක් කැඳවමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල සඳහන් කළේ ලෝක වෙළඳපොළේ බොරතෙල් බැරලයක මිල අඛන්ඩව ඉහළ යාමත් සමඟ මිල ඉහළ නැවීමක් අත්‍යාවශ්‍ය වී ඇති බවයි.

කෙසේ වෙතත්, භාණ්ඩාගාරය මගින් ලබාදෙන සහනය මත පදනම්ව එය තීරණය වන බවයි ඔහු ප්‍රකාශ කළේ.

අමාත්‍ය මණ්ඩලය හමුවූ අවස්ථාවේ මෙම යෝජනාව ඉදිරිපත් වී තිබූ අතර, බදු සහනයක් ලබාදිය හැකිදැයි එහිදී මුදල් අමාත්‍යවරයා නිෂ්චිත ස්ථාවරයක් සඳහන් කර තිබුණේ නැහැ.

මෙවැනි පසුබිමක් තිබියදී ඇමති උදය ගම්මන්පිල හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ජීවන වියදම ඉහළ යාමේ තත්ත්වයක් පවතින අවස්ථාවක ඉන්ධන මිල හැකිතාක් ඉහළ නැංවීමක් සිදුනොකර සිටීමට උත්සාහ කරන බවයි.

මේ අතර, ඉන්දීය ඔයිල් සමාගම පවසන්නේ ලෝක වෙළඳපොලේ පවතින මිල  ඉහළ යාම හේතුවෙන් තමන්ට විශාල පාඩුවකට මුහුණදීමට සිදුව ඇති බවයි.

ජාත්‍යන්තර වෙළඳපොලේ පෙට්‍රල් සහ ඩීසල් බැරලයකට ඩොලර් 93 ත් 94 ත් අතර මිලක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව, ඩීසල් ලීටරයකින් පමණක් සිදුවන පාඩුව රුපියල් 30 කට අධිකයි.

බොරතෙල් බැරලයක මිල පවා ඩොලර් 85 ඉක්මවා ඇති අතර, මීට මාස 04 කට පෙර බොරතෙල් බැරලයක් ඩොලර් 50 ත් 60 ත් අතර මිල සීමාවේ පැවති බව ද අයි.ඕ.සී. සභාපති මනෝජ් ගුප්තා හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා.

මෙම තත්ත්වය යටතේ ඉන්ධන මිල සම්බන්ධයෙන් රජය සමග සමීපව අදහස් හුවමාරු කර ගනිමින් සිටින බවයි අයි.ඕ.සී. සභාපතිවරයා කියා සිටියේ.

සිය ඉන්ධන මිල වැඩි කිරීම සඳහා රජයේ අනුමැතියක් අවශ්‍ය නොවුව ද, ඒ සඳහා මෙරට ක්‍රියාත්මක පද්ධතීන් පිළිබඳව සංවේදීව කටයුතු කරන බව ද කියා සිටියා.

තෙල් මිල සම්බන්ධයෙන් තමන් මීට පෙර ද සාධාරණ ප්‍රතිපත්තියක් අනුගමනය කළ බව ඔහු සඳහන් කළා.

කෙසේ නමුත්, ලෝක වෙළඳපොළේ මිල ගණන්වලට සාපේක්ෂව සිය ඉන්ධන මිල ඉහළ නැංවීම සම්බන්ධයෙන් අපේක්ෂාවෙන් පසුවන බවයි අයි.ඕ.සී. සභාපතිවරයා කියා සිටියේ.

ඒ සඳහා රජයේ පාර්ශවයෙන් යම් පියවරක් බලාපොරොත්තු වන බවත් එවැන්නක් සිදු නොවන්නේ නම් තම සමාගමට ඒ සම්බන්ධයෙන් තීරණයකට එළඹිමට සිදුවන බව ලංකා අයි.ඕ.සී. සභාපති මනෝජ් ගුප්තා අවධාරණය කළා.





Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories