ඉන්දියාවේ කොරෝනා ආසාදිතයින් සහ මරණ තවත් පහළට

Sunday, 17 October 2021 - 15:06

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80%E0%B7%9A+%E0%B6%9A%E0%B7%9C%E0%B6%BB%E0%B7%9D%E0%B6%B1%E0%B7%8F+%E0%B6%86%E0%B7%83%E0%B7%8F%E0%B6%AF%E0%B7%92%E0%B6%AD%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%83%E0%B7%84+%E0%B6%B8%E0%B6%BB%E0%B6%AB+%E0%B6%AD%E0%B7%80%E0%B6%AD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%84%E0%B7%85%E0%B6%A7
අද උදෑසනින් අවසන් වූ පැය 24 තුළ ඉන්දියාවෙන් නව්‍ය කොරෝනා ආසාදිතයින් 14,146ක් වාර්තා වී තිබෙනවා.

එය මාස 7කින් වාර්තා වූ, අවම දෛනික ආසාදිත සංඛ්‍යාව බවයි, ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ.

එමෙන්ම, ඊයේ දිනයේ සිදු වූ කොරෝනා මරණ 144ත් සමග ඉන්දියාවේ සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව හාර ලක්ෂ 52,124ක් දක්වා ඉහළ ගියා.

ඉන්දියාවේ කොරෝනා එන්නත්කරණ වැඩසටහන සාර්ථක අන්දමින් ක්‍රියාත්මක වන අතර, මේ වනවිට එන්නත් මාත්‍රා අනූහත් කෝටි හැටපන් ලක්ෂයක් ලබා දී තිබෙනවා.

කෙසේ නමුත්, තුන්වන කොරෝනා රැල්ලක් ඇති නොවීම සඳහා ඉදිරි මාස 3ක කාලය තීරණාත්මක වන බවට ඉන්දීය සෞඛ්‍ය අංශ එරට ජනතාවට අනතුරු ඇඟවීමක් සිදු කළා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories