බංග්ලාදේශයේ චීන ආයෝජන අවදානමක

Sunday, 17 October 2021 - 17:13

%E0%B6%B6%E0%B6%82%E0%B6%9C%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B6%BA%E0%B7%9A+%E0%B6%A0%E0%B7%93%E0%B6%B1+%E0%B6%86%E0%B6%BA%E0%B7%9D%E0%B6%A2%E0%B6%B1+%E0%B6%85%E0%B7%80%E0%B6%AF%E0%B7%8F%E0%B6%B1%E0%B6%B8%E0%B6%9A
බංග්ලාදේශයේ ඍජු චීන ආයෝජන අවදානමකට මුහුණ දී තිබෙනවා.

ඒ, චීන ආයෝජන සමාගම්වල චීන ජාතික සේවකයන් සහ බංග්ලාදේශ සේවකයන් අතර පවතින ගැටළුකාරී තත්ත්වය හේතුවෙන්.

බංග්ලාදේශයේ පද්මා පාලම් දුම්රිය ජාල ව්‍යාපෘතියේ චීන ජාතික සේවකයන්ට බංග්ලාදේශ ජාතික සේවකයන් ශරීරික, මානසික හා මූල්‍යමය හිංසනයන් සිදුකරන බවයි එරට ආරක්ෂක වාර්තාවක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ.

මේ හේතුවෙන් චීන ආයෝජන සමාගම් බංග්ලාදේශය තුළ ආයෝජනය කිරීම් පිළිබදව ගැටළුකාරී තත්ත්වයක් උද්ගතව තිබෙනවා.

එය දකුණු ආසියාවේ සීග්‍රතම ආර්ථික වර්ධන වේගයක්  සහිත බංග්ලාදේශයේ විදේශ ආයෝජන කෙරෙහි අහිතකර ලෙස බලපානු ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.