හයිටියේදී ඇමරිකානු මිෂනාරී කණ්ඩායමක් පැහැර ගනී

Sunday, 17 October 2021 - 20:04

%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B7%92%E0%B6%BA%E0%B7%9A%E0%B6%AF%E0%B7%93+%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B6%B1%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B7%82%E0%B6%B1%E0%B7%8F%E0%B6%BB%E0%B7%93+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B7%84%E0%B7%90%E0%B6%BB+%E0%B6%9C%E0%B6%B1%E0%B7%93
හයිටි රාජ්‍යයේ පෝටාඕ ප්‍රින්ස් ප්‍රදේශය ආසන්නයේදී ආයුධ සන්නද්ධ පිරිසක් විසින් ඇමරිකාවේ ක්‍රිස්තියානු මිෂනාරි කණ්ඩායමකට අයත් ළමයින් ඇතුළු ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් 15 දෙනෙකු පැහැර ගැනීමට ලක්ව තිබෙනවා.

බස් රථයකින් අදාළ පිරිස අනාථ නිවාසයකට ගොස් යළි පැමිණෙමින් සිටියදී මෙම පැහැර ගැනීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ. කෙසේ වෙතත් මේ දක්වා හයිටි අධිකරණ අමාත්‍යාංශය හෝ පොලීසිය මේ පිළිබදව කිසිදු අදහසක් ප්‍රකාශ කර නැහැ.

එහෙත් ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා ඇත්තේ විදේශයන් හි සිටි ඇමරිකානු පුරවැසියන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් තමන් ප්‍රමුඛතාව ලබාදෙන බවයි.