ෆයිසර් හයලක්ෂ අටදහසක් අද අලුයම දිවයිනට (වීඩියෝ)

Monday, 18 October 2021 - 6:08

%E0%B7%86%E0%B6%BA%E0%B7%92%E0%B7%83%E0%B6%BB%E0%B7%8A+%E0%B7%84%E0%B6%BA%E0%B6%BD%E0%B6%9A%E0%B7%8A%E0%B7%82+%E0%B6%85%E0%B6%A7%E0%B6%AF%E0%B7%84%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%85%E0%B6%AF+%E0%B6%85%E0%B6%BD%E0%B7%94%E0%B6%BA%E0%B6%B8+%E0%B6%AF%E0%B7%92%E0%B7%80%E0%B6%BA%E0%B7%92%E0%B6%B1%E0%B6%A7+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
ශ්‍රී ලංකාව විසින් මිල දී ගත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක් අද (18) අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙනවිත් තිබෙනවා.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය දිනූෂ දසනායක සඳහන් කළේ, ශ්‍රී ලංකාව මිල දී ගනු ලැබූ ෆයිසර් එන්නත් තොගයෙන් මිලියන 1.7ක ප්‍රමාණයක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

ශ්‍රී ලංකා ඖෂධ නීතිගත සංස්ථාවේ සාමාන්‍යාධිකාරී වෛද්‍ය දිනූෂ දසනායක කියා සිටියේ, ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවැක්ස් පහසුකම යටතේ තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ අටක් මේ වනවිට මෙරටට ලැබී ඇති බවයි.

අද අලුයම රැගෙන ආ එන්නත් තොගය කිලෝ 1,817යි ග්‍රෑම් 800ක බරින් යුක්ත අතර, එය පෙට්ටි 53ක අසුරා තිබුණා.

මේ අතර ඊයේ දිනයේ නව ආසාදිතයින් 578 දෙනෙකු හඳුනා ගැනීමත් සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 531,648ක් දක්වා ඉහළ ගියා.
තවදුරටත් මෙරට සක්‍රිය ආසාදිතයන් සංඛ්‍යාව 25,543ක් වන අතර, සුවය ලැබූ මුළු සංඛ්‍යාව 492,621 ක්.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා සිදු වූ බවට ඊයේ තහවුරු කරන ලද මරණ 12ත් සමඟ මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 13,484ක් දක්වා ඉහළ ගියා.

එමෙන්ම කොරෝනා පාලනය සඳහා ඇමරිකාවේ මර්ක් සමාගම විසින් නිපදවා ඇති මොනුපිරවියර් ප්‍රතිවෛරස් ඖෂධ කරලේ සාර්ථකත්වය පිළිබදව පළව ඇති වාර්තා හේතුවෙන් ආසියා පැසිෆික් කලාපයේ රටවල් රැසක් දැනටමත් ඇණවුම් ලබාදීම සඳහා සාකච්ඡා ආරම්භ කර තිබෙනවා.

විදෙස් වාර්තා සදහන් කළේ, එන්නත්කරණය ප්‍රමාද වී ආරම්භ කළ ඕස්ටේ්‍රලියාව, නවසීලන්තය, දකුණු කොරියාව වැනි රටවල් ඒ අතර වන බවයි.

අදාළ ඖෂධය සඳහා ඇමරිකානු ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ අනුමැතිය තවමත් ලැබී නැතත් කොරෝනා පාලනය සඳහා යොදා ගත හැකි ප්‍රබලම ඖෂධයක් ලෙස මර්ක් සමාගමේ ප්‍රති වෛරස් ඖෂධය හඳුන්වා දීමත් සමඟ මෙලෙස ලොව බොහෝ රටවල් එම ඖෂධය ඇණවුම් කිරීමට පෙළඹී තිබෙනවා.

කෙසේ වෙතත්, මෙම තත්ත්වය හමුවේ කොරෝනා පාලනය දැඩි අර්බුදයක් බවට පත්ව ඇති සංවර්ධනය වෙමින් පවතින රටවල් තවදුරටත් අර්බුදයට ලක්විය හැකි බවයි විදෙස් වාර්තා සදහන් කළේ.



Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories