කේරළයේ ගං වතුරින් මියගිය ගණන 26ක් වෙයි

Monday, 18 October 2021 - 7:30

%E0%B6%9A%E0%B7%9A%E0%B6%BB%E0%B7%85%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9C%E0%B6%82+%E0%B7%80%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%9C%E0%B7%92%E0%B6%BA+%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1+26%E0%B6%9A%E0%B7%8A+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපෑ දරුණු ගං වතුර හා නායයෑම් තත්ත්වයෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 26 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

මියගිය අය අතර, ළමයින් පස් දෙනෙකු ද වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

එමෙන්ම තවත් බොහෝ පිරිසක් සුන්බුන් අතර සිර වී සිටින බවද වාර්තා වනවා.