ඉන්දියාව අරුණාචල් ප්‍රාන්තයේ දේශසීමා ආරක්ෂාව දැඩි කරයි

Monday, 18 October 2021 - 8:56

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B7%8F%E0%B6%A0%E0%B6%BD%E0%B7%8A+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B6%BA%E0%B7%9A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%83%E0%B7%93%E0%B6%B8%E0%B7%8F+%E0%B6%86%E0%B6%BB%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%8F%E0%B7%80+%E0%B6%AF%E0%B7%90%E0%B6%A9%E0%B7%92+%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B7%92
ඉන්දීය සහ චීන දේශසීමා සම්බන්ධයෙන් පවතින අර්බුදකාරී සහ නොසන්සුන්කාරී තත්ත්වය හමුවේ ඉන්දියාව අරුණාචල් ප්‍රාන්ත දේශසීමාවේ ආරක්ෂාව දැඩිකර තිබෙනවා.

ඊශ්‍රායලයේ නිෂ්පාදිත හෙරෝන් ඩ්‍රෝන යානා යොදාගෙන දේශසීමාවේ දිවා රාත්‍රී නිරීක්ෂණ ද ඉහළ නංවා ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

ඊට අමතරව ඉන්දීය යුද හමුදාව අරුණාචල් ප්‍රාන්තයේ චීන දේශසීමාව ආශ්‍රිතව ආයුධ සන්නද්ධ හා මිසයිල නාශක හැකියාව සහිත මෙන්ම ගුවනේදීම මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ හැකියාව සහිත හෙලිකොප්ටර් යානා යොදාගනිමින් විශේෂ ගුවන් බලකායක් ද ස්ථාපිත කර තිබෙනවා.

ඉන්දු - චීන දේශසීමා ගැටලු මෑතකාලීනව උත්සන්න වූ අතර, දෙපාර්ශවයම එම දේශසීමාව ආශ්‍රිතව 60,000කට ආසන්න හමුදා බලඇණි යොදවා ඇති බවයි වාර්තාවන්නේ.