බෙලරුස් හි ප්‍රංශ තානාපතිවරයා පිටුවහල් කෙරෙයි

Monday, 18 October 2021 - 10:21

%E0%B6%B6%E0%B7%99%E0%B6%BD%E0%B6%BB%E0%B7%94%E0%B7%83%E0%B7%8A+%E0%B7%84%E0%B7%92+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%82%E0%B7%81+%E0%B6%AD%E0%B7%8F%E0%B6%B1%E0%B7%8F%E0%B6%B4%E0%B6%AD%E0%B7%92%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F+%E0%B6%B4%E0%B7%92%E0%B6%A7%E0%B7%94%E0%B7%80%E0%B7%84%E0%B6%BD%E0%B7%8A+%E0%B6%9A%E0%B7%99%E0%B6%BB%E0%B7%99%E0%B6%BA%E0%B7%92
බෙලරුස් රාජ්‍යයේ ප්‍රංශ තානාපතිවරයා එරටින් පිටුවහල් කර තිබෙනවා.

ඒ, ඔහු සිය අක්තපත්‍ර බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ වෙත භාර නොදීම හේතුවෙන්.

හය වැනි වරටත් ජනාධිපති ධුරයට පසුගිය අගෝස්තු මාසයේදී තේරී පත් වූ ලුකෂෙන්කෝ ප්‍රංශය ඇතුළු යුරෝපා රටවල් නිල වශයෙන් ජනාධිපතිවරයා ලෙස මේ දක්වා පිළිගෙන නැහැ.

ඒ, ඔහුට එරෙහිව එල්ල වී ඇති දූෂණ චෝදනා හේතුවෙන්.

එම තත්ත්වය හමුවේ බෙලරුස් හි ප්‍රංශ තානාපතිවරයා ලෙස පත්වීම් ලද ද ලාකෝස්ට් පසුගිය දෙසැම්බර් මාසයේදී ජනාධිපතිවරයා වෙනුවට හමු වී තිබුණේ, බෙලරුස් හි විදේශ අමාත්‍යවරයායි.

මෙම තත්ත්වය හේතුවෙන් බෙලරුස් හි විදේශ අමාත්‍යාංශය දැනුම් දී ඇත්තේ, අද දිනයට පෙර තානාපතිවරයාට බෙලරුස් රාජ්‍යයෙන් පිටව යන ලෙසයි.