රිය අනතුරුවලින් හත් දෙනෙකු මියයයි

Monday, 18 October 2021 - 14:03

%E0%B6%BB%E0%B7%92%E0%B6%BA+%E0%B6%85%E0%B6%B1%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A+%E0%B7%84%E0%B6%AD%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B6%B8%E0%B7%92%E0%B6%BA%E0%B6%BA%E0%B6%BA%E0%B7%92
දිවයින පුරා ඊයේ සිදු වූ රිය අනතුරුවලින් පුද්ගලයින් හත්දෙනෙකු මියගොස් තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අදාළ පිරිස මියගොස් ඇත්තේ රිය අනතුරු හයකින් බවයි.

මේ අතර පළාත් සංචරණ සීමා පිළිබඳ සොයාබැලීමට යොදා තිබූ මාර්ග බාධක 158කදී නිසි අවසරයක් නොමැතිව පළාත් අතර සංචාරය කිරීමට උත්සාහ කළ වාහන 899ක් හරවා යවා තිබෙනවා.

එසේම පුද්ගලයින් 1,523 දෙනෙකුට අවවාද සිදු කළ බවද පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.

නිරෝධායන නීති උල්ලංඝනය කළ පුද්ගලයින් 53 දෙනෙකුද ගත වූ පැය විසි හතර තුළ අත්අඩංගුවට ගෙන තිබෙනවා.