හිටපු ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාගෙන් ශෝක පණිවිඩයක්

Monday, 18 October 2021 - 14:26

%E0%B7%84%E0%B7%92%E0%B6%A7%E0%B6%B4%E0%B7%94+%E0%B6%B4%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%80%E0%B7%93%E0%B6%AB+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93%E0%B6%A9%E0%B6%9A+%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94%E0%B6%BD+%E0%B7%80%E0%B6%BB%E0%B7%8A%E0%B6%AB%E0%B6%B4%E0%B7%94%E0%B6%BB+%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%85%E0%B6%9C%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B6%B8%E0%B7%8F%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BA%E0%B7%80%E0%B6%BB%E0%B6%BA%E0%B7%8F%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B7%81%E0%B7%9D%E0%B6%9A+%E0%B6%B4%E0%B6%AB%E0%B7%92%E0%B7%80%E0%B7%92%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ පළමු නායකයා ලෙස කටයුතු කළ, බන්දුල වර්ණපුර මහතාගේ අභාවය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ ශෝක පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩක බන්දුල වර්ණපුර මහතාගේ අභාවය පිළිබඳ පුවත ඇසීමෙන් තමා බලවත් සංවේගයට පත් වූ බව එම ශෝක පණිවිඩයෙහි සඳහන්.

කලකදී ජාතික ක්‍රිකට් කණ්ඩායම් පුහුණුකරු ලෙසත්,අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට්හි පරිපාලන තනතුරක් ද හොබවමින් ඒ මහතා මෙරට ක්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් වරම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ද වනවා.

වර්ෂ 1975 - 1982 කාල වකවානුව තුළ මෙරට ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වර්ණපුර මහතා ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ දී හමුවන සුවිශේෂී ක්‍රීඩකයෙකු බව අග්‍රාමාත්‍යවරයා පවසනවා.

ශ්‍රී ලංකාව ටෙස්ට් ක්‍රිකට් වරම් ලබා ගැනීම සඳහා කළ දුෂ්කර මෙහෙයුමේදී සිය කණ්ඩායමට විශාල සවියක් ලබාදුන් ඔහු, අප රට ක්‍රීඩා කළ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කිරීමට ද වාසනාවන්ත වූ බවයි අග්‍රාමාත්‍යවරයා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

ලාංකේය ක්‍රිකට් වංශකතාව නවමු මාවතක් ඔස්සේ රැගෙන යාමට සුවිශාල කාර්යභාරයක් ඉටු කළ බන්දුල වර්ණපුරයන්ගේ අභාවය අප රටට බලවත් පාඩුවක් වන අතර, ක්‍රිකට් ක්‍රීඩාවට ඔහු කළ සේවය වෙනුවෙන් ඔහුගේ නාමය ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසය තුළ මතු දිනක රන් අකුරින් ලියැවෙනු ඇති බව අග්‍රාමාත්‍යවරයාගේ විශ්වාසයයි.

අභාවප්‍රාප්ත බන්දුල වර්ණපුර මහතාට නිවන් සුව ලැබේවා' යැයි ප්‍රාර්ථනා කරන අග්‍රාමාත්‍යවරයා එතුමාගේ අභාවයෙන් ශෝකයට පත් ඔහුගේ පවුලේ සියලුදෙනාටත්, ඥාති හිත මිතුරන්ටත් , බන්දුල වර්ණපුරයන්ට ආදරය කළ සුවහසක් ජනතාවටත් සිය බලවත් සංවේගය පළ කර සිටිනවා.