පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද එක්වනවා (වීඩියෝ)

Monday, 18 October 2021 - 16:26

%E0%B6%B4%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%94+%E0%B7%80%E0%B7%8F%E0%B6%BB+20+%E0%B6%BD%E0%B7%9D%E0%B6%9A+%E0%B6%9A%E0%B7%94%E0%B7%83%E0%B6%BD%E0%B7%8F%E0%B6%B1+%E0%B6%9A%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B6%A7%E0%B7%8A+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B7%8F%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B6%B4%E0%B7%85%E0%B6%B8%E0%B7%94+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B6%A7+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F+%E0%B6%9A%E0%B6%AB%E0%B7%8A%E0%B6%A9%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8+%E0%B6%85%E0%B6%AF+%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B7%80%E0%B6%B1%E0%B7%80%E0%B7%8F+%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ ඩුබායි හිදී පැවැත්වෙන මේ තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම මුණ ගැසෙන්නේ නැමීබියානු කණ්ඩායමයි.

නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කරන්නේ මේ තරගයට සහභාගි වන සියලුම ක්‍රීඩකයින් අද දින කලු අත් පටි පළඳමින් තරගයට එක්වන බවයි.

ඒ අද උදෑසන අභාවප්‍රාප්ත වූ ශ්‍රී ලංකා පළමු ටෙස්ට් ක්‍රිකට් නායකයා වන බන්දුල වර්ණපුරට උපහාර දැක්වීමටයි.

එමෙන්ම අද දින පැවැත්වෙන ශ්‍රී ලංකා බංග්ලාදේශ වයස අවුරුදු 19 න් පහළ එක්දින තරගයට එක්වන ලංකා වයස අවුරුදු 19 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩකයින් ද කලු අත් පටි පැළඳ තරගයට එක් වීමට නියමිත බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිවේදනයේ සඳහන් වන්නේ.

හදිසියේ රෝගාතුර වීම හේතුවෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ බන්දුල වර්ණපුර මියයන විට 68 වන වියේ පසුවුණා.

ඔහු කොළඹ නාලන්දා විද්‍යාලයෙන් ක්‍රිකට් ක්‍රීඩාවට එක්වූ බන්දුල වර්ණපුර පළමු ටෙස්ට් තරගයේ පළමු පන්දුවට මුහුණ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු ටෙස්ට් ලකුණ රැස් කළ නායකයා ලෙසටද ඉතිහාස ගත වනවා.