තාරකා ඉබ්බන් 223 දෙනෙකු විකිණිමට සැරසුණු තුන් දෙනාට 330,000ක දඩයක්

Monday, 18 October 2021 - 16:40

%E0%B6%AD%E0%B7%8F%E0%B6%BB%E0%B6%9A%E0%B7%8F+%E0%B6%89%E0%B6%B6%E0%B7%8A%E0%B6%B6%E0%B6%B1%E0%B7%8A+223+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%99%E0%B6%9A%E0%B7%94+%E0%B7%80%E0%B7%92%E0%B6%9A%E0%B7%92%E0%B6%AB%E0%B7%92%E0%B6%B8%E0%B6%A7+%E0%B7%83%E0%B7%90%E0%B6%BB%E0%B7%83%E0%B7%94%E0%B6%AB%E0%B7%94+%E0%B6%AD%E0%B7%94%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B1%E0%B7%8F%E0%B6%A7+330%2C000%E0%B6%9A+%E0%B6%AF%E0%B6%A9%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A
නීති විරෝධී ලෙස තාරකා ඉබ්බන් 223 දෙනෙකු විදෙස් රටවලට අලෙවි කිරීමට සූදානම් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් දෙදෙනා ඇතුළු තුන් දෙනාට රුපියල් 330,000ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

ඒ, සැකකරුවන් අද මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික ද සිල්වා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පදිංචි මෙම පුද්ගලයින් දෙදෙනා සහ කොටිකාවත්ත ප්‍රදේශයේ පදිංචි මෙරට පුද්ගලයා පසුගියදා මීගමුව - කොප්පරා  මංසන්දියේදී තාරකා ඉබ්බන් සමඟ අත්අඩංගුවට ගෙන තිබුණා.

රසායනික නොවන පොහොර ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට පැමිණෙන ආයෝජකයන් ලෙසයි මෙම ඉන්දීය ජාතිකයින් මෙරටට පැමිණ ඇත්තේ.