ශ්‍රී ලංකාව සහ නැම්බියාව අතර පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

Monday, 18 October 2021 - 19:16

%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%83%E0%B7%84+%E0%B6%B1%E0%B7%90%E0%B6%B8%E0%B7%8A%E0%B6%B6%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B6%BB+%E0%B6%B4%E0%B7%90%E0%B7%80%E0%B7%90%E0%B6%AD%E0%B7%8A%E0%B7%80%E0%B7%99%E0%B6%B1+%E0%B6%AD%E0%B6%BB%E0%B6%9C%E0%B6%BA%E0%B7%9A+%E0%B6%9A%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA%E0%B7%9A+%E0%B7%80%E0%B7%8F%E0%B7%83%E0%B7%92%E0%B6%BA+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%BD%E0%B6%82%E0%B6%9A%E0%B7%8F%E0%B7%80%E0%B6%A7
පන්දු වාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයේ සිය පළමු තරගයට මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දු යැවීමට තීරණය කළා.

ශ්‍රී ලංකා කණ්ඩායම් මෙහිදී තරග වදින්නේ නැමීබියානු කණ්ඩායමට එරෙහිවයි.

මේ තරගය එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ අබුඩාබි හිදී පැවැත්වෙනවා.

මේ තරගය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් කුසල් ජනිත් පෙරේරා, පැතුම් නිස්සංක, දිනේෂ් චන්දිමාල්, අවිශ්ක ප්‍රනාන්දු සහ භානුක රාජපක්ෂ විශේෂඥ පිතිකරුවන් ලෙසින් කන්ඩායමට එක්ව සිටිනවා.

නායක දසුන් ශානක සහ චාමික කරුණාරත්න තුන්ඉරියව් ක්‍රීඩකයින් ලෙසින් කණ්ඩායමට එක් වනවා.

වනිදු හසරංග කණ්ඩායමට එක්වී ඇත්තේ දඟ පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයකු ලෙසටයි.

මීට අමතරව දුෂ්මන්ත චමීර, මහීෂ් තීක්ෂණ සහ ළහිරු කුමාර වේග පන්දු යවන්නන් ලෙසින් අද තරගයට එක් වනු ඇති.