පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා උතුරු නැගෙනහිරත් විරෝධතා (වීඩියෝ)

Monday, 18 October 2021 - 20:01

%E0%B6%B4%E0%B7%9C%E0%B7%84%E0%B7%9C%E0%B6%BB+%E0%B6%9C%E0%B7%90%E0%B6%A7%E0%B7%85%E0%B7%94%E0%B7%80%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%83%E0%B6%AF%E0%B7%94%E0%B6%B8%E0%B7%8A+%E0%B6%89%E0%B6%BD%E0%B7%8A%E0%B6%BD%E0%B7%8F+%E0%B6%8B%E0%B6%AD%E0%B7%94%E0%B6%BB%E0%B7%94+%E0%B6%B1%E0%B7%90%E0%B6%9C%E0%B7%99%E0%B6%B1%E0%B7%84%E0%B7%92%E0%B6%BB%E0%B6%AD%E0%B7%8A+%E0%B7%80%E0%B7%92%E0%B6%BB%E0%B7%9D%E0%B6%B0%E0%B6%AD%E0%B7%8F++%28%E0%B7%80%E0%B7%93%E0%B6%A9%E0%B7%92%E0%B6%BA%E0%B7%9D%29
පොහොර ගැටළුවට විසදුම් ඉල්ලා උතුරු නැගෙනහිර ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක අද දිනයේදීත් විරෝධතා පැවැත්වුණා.

ගොවීන් එලෙස විරෝධතාවන් හි නිරත වූයේ රසායනික පොහොර සහ වල්නාශක නොමැති වීම හේතුවෙන් තමන් දැඩි අර්බුදයකට පත්ව ඇති බව පවසමින්.

දෙමළ ජාතික සන්ධානය ද අද ගොවීන් සමග එක්ව උතුර සහ නැගෙනහිර සියලු ගොවිජන සේවා මධ්‍යස්ථාන ඉදිරිපිට විරෝධතාවන් හි නිරත වී තිබෙනවා. රසායනික පොහොර සහ වල්නාශක නොමැති වීම මූලික කරගනිමින් මෙම විරෝධතා පැවැත්වුණා.

මේ අතර, මෙවර මහ කන්නයට වී වගා කිරීම සඳහා ගොවිබිම් සූදානම් කර ඇති ගොවීන්ට වගා කටයුතුවලින් ඉවත් වන ලෙස ප්‍රදේශයේ ගොවි සංවිධාන බලපෑම් එල්ල කරන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.

රසායනික පොහොර ලබාදෙන තුරු වී ගොවිතැන නොකරන ලෙස ඉල්ලා සිටින එම ගොවි සංවිධාන, තම උපදෙස් නොතකන ගොවීන්ගෙන් රුපියල් 5000ක දඩ මුදලක් අය කරන බව ප්‍රකාශ කර ඇතැයි ද නිවේදනයක් නිකුත් කරමින් කෘෂිකර්ම අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළා.