ඉන්දියාව එන්නත්කරණය බිලියනයට ළං වෙයි

Thursday, 21 October 2021 - 8:31

%E0%B6%89%E0%B6%B1%E0%B7%8A%E0%B6%AF%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E0%B7%80+%E0%B6%91%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1%E0%B6%AD%E0%B7%8A%E0%B6%9A%E0%B6%BB%E0%B6%AB%E0%B6%BA+%E0%B6%B6%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1%E0%B6%BA%E0%B6%A7+%E0%B7%85%E0%B6%82+%E0%B7%80%E0%B7%99%E0%B6%BA%E0%B7%92
ඉන්දියාව කොරෝනා එන්නත්කරණය අද බිලියනය සම්පූර්ණ කිරීමට නියමිතයි.

විදෙස් වාර්තා සදහන් කළේ, මීට මාස 9කට පමණ පෙර ආරම්භ කළ එරට එන්නත්කරණ වැඩසටහන මෙලෙස බිලියනයට ආසන්න වීම එරට සෞඛ්‍ය අංශ ලද ජයග්‍රහණයක් බවයි.

මේ වන විට එරට අවුරුදු 20ට වැඩි පිරිස්වලින් 75%කට පමණ පළමු මාත්‍රාව ලබාදී ඇති අතර, අවුරුදු 20ට වැඩි 31%කට දෙවන එන්නත් මාත්‍රාව ලබා දී අවසන් බවයි විදෙස් වාර්තා සදහන් කළේ.

ගත වූ පැය 24 තුළ ඉන්දියාවෙන් කොරෝනා ආසාදිතයින් 18,359ක් වාර්තා වන අතර මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 160ක් ලෙසයි.