ඇමරිකාව හයිපර්සොනික් මිසයිල තාක්ෂණය සාර්ථකව අත්හදා බලයි

Friday, 22 October 2021 - 7:59

%E0%B6%87%E0%B6%B8%E0%B6%BB%E0%B7%92%E0%B6%9A%E0%B7%8F%E0%B7%80+%E0%B7%84%E0%B6%BA%E0%B7%92%E0%B6%B4%E0%B6%BB%E0%B7%8A%E0%B7%83%E0%B7%9C%E0%B6%B1%E0%B7%92%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B8%E0%B7%92%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%BD+%E0%B6%AD%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B6%AB%E0%B6%BA+%E0%B7%83%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AE%E0%B6%9A%E0%B7%80+%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B7%84%E0%B6%AF%E0%B7%8F+%E0%B6%B6%E0%B6%BD%E0%B6%BA%E0%B7%92
ඇමරිකා එක්සත් ජනපදය විසින් හයිපර්සොනික් මිසයිල තාක්ෂණය සාර්ථක ලෙස අත්හදා බැලූ බව එක්සත් ජනපද නාවික හමුදාව ප්‍රකාශ කළා.

ශබ්දයේ වේගය මෙන් පස් ගුණයක් එනම්, පැයට කිලෝමීටර 6,200 ඉක්ම වූ වේගයෙන් එල්ල කරන මිසයිලයක් හයිපර්සොනික් මිසයිලයක් ලෙස හැඳින්වෙනවා.

එම මිසයිල අත්හදාබැලීම වර්ජිනියා ප්‍රාන්තයේ වැලොප්ස් හි පිහිටි නාසා අංගනයේදී පෙරේදා සිදු කළ බවයි ඇමරිකානු නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

හයිපර්සොනික් මිසයිල තාක්ෂණය මේ වනවිටත් චීනය සහ රුසියාව විසින් සාර්ථකව අත්හදාබලා තිබෙනවා.


Follow US

facebook youtube 32ins 32ins twitter 32ins 32ins

Most Viewed Stories